රසාස්වාද
Thursday, 17 November 2022
Friday, 23 September 2022
සුදු අරලිය(පස්වන කොටස))
සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය
තව දුරටත් කුසුමා අම්මාගෙ දින පොත කියවිමට මට සිත් නොවීය.මගේ කඳුලු කැට කිහිපයක් ඇගේ දින පොතෙහි ලැඟුම් ගත්තේ ඇඟේ කතාවට මගේ සංවේදී බව සාක්ශි දරාගෙන ය.මමද ගැහැණියකි.ගැහැණු ළමයෙකුට තම මව අවශ්‍යම මොහොතෙ ඇයගේ වියෝව දරා ගන්නට බැරිම මොහොතේ ඈ මෙසේ මානසික ව්‍යාකූලත්වයට පත්වන්නට ඇත.මා දිනපොත පසෙක තබා හෙමින් පිය මැන්නේ මගෙ අම්මා වෙතට ය.තවදුරටත් ඈ වෙත අංශු මාත්‍රයකින්වත් නපුරු බැල්මක් නොහෙලන බවට මා අඳිටන් කර ගත්තේ ඇගේ උණුසුම් ලයෙහි පුංචි කුරුලු පැටවෙකු මෙන් තුරුලු වෙමිනි. එවැනි උණුහුමක් එවෙලෙහි හම්බුණා නම්......මගෙ හිත කකියා සිතුනි.කිසිඳු ගැහැණියකට දරා ගත නොහැකි මානසික පීඩනයක් ඇති නොවේවා! මෙය මගේ ඒකායන ප්‍රාර්ථනාවයි.
මා නැවතත් දිනපොතට තුරුල් වූයේ ඉන් සති කිහිපයකට පසුව ය.
සති දෙක තුළ ඈ දැරූ දුක් ගින්දර පියවීමට කවරෙක්වත් නොවීය. ඇගේ පියා මත්පැනට හුරු වී සිහිය විකල් කර ගත් ගමන් ය.සුනිත් පවා ඈ කෙරෙහි දැන් වැඩි හොයා බැලීමක් නැත.වෛද්‍යවරුන්ගෙ මාස 3 ක ප්‍රයත්නයෙන් ඈ දැන් ශාරීරික අතින් සුවපත් ය.මානසික අතින් තරමක් සුව සේ පෙනුණත් ඇගේ දුක දන්නෙ ඇය ය.කෙසේ වුවත් මවගේ වියෝවත් පියාගෙ නොසලකා හැරීමත් සරසවියේ නොයෙක් වද හිංසා මැදත් ඇයට නැවතත් උපාධිදාරිනියක් වීමට නොහැකි ය.ඈ එතැනින් ඇගේ සරසවි ගමන අත හැරියා ය.සුනිත්ගේත් ඒ හැටි කතා බහක් නැත.ඈ දැනගත් පරිදි ඔහුද වෙන සම්බන්දතාවයක පැටලී ය.
නිල්මිණි දැන් කාලය ගත කරන්නෙ සිය ලොකු අම්මා සමඟ ය. පොත් සාප්පුවක රැකියාවක නිරත වන ඈ ලොකු අම්මාට සුලු හෝ කරදරයක් කරන්නේ අසනීපයකට බෙහෙතක් ගන්නට යාමට පමණි.
මගෙ දෙනෙත් එක වර යොමු වූයේ දින පොත් අතර තිබී ඒ අසල වැටී තිබූ කඩදාසියක් වෙතට ය.ඒ ලිපියකි.
ආදර සුනිත්,
ඔබ සිහිය විකල් වූවායැයි සිතා අතහැර දැමූ මම මේ ලියුම ලියන්නේ හොඳම සිහියෙන් කියලා මම මුලින්ම ඔයාට කියනවා.තව දුරටත් සිහිය විකල් වූ කෙල්ලෙක්ගේ ලියුමක් මේ කියවන්නෙ කියලා ඔයාට නොදැනෙන්න කියලාත් මන් ප්‍රාර්ථනා කරනවා.මම හොඳින් ඉන්නවා කියලා කියන්න තරම් මම සතුටකින් මගේ ජීවිතය ගෙනියන්නෙ නෑ. මට මගේ කියන හැමදේම නැති උනත් මට මගේ ජිවිතය ඉතුරු වෙලා තියෙනවා.කිසිදු අඩුවක් නොදැනෙන්න ආදරේ කලත් මන් දකින්නෙ නැති මොකක් හරි අඩුවක් ඔයාට පේන්න ඇති.හැමෝගෙන්ම ඈත් වෙලා තනියෙන් ඉන්න හිතුවත් තාමත් මගේ හිත ඒකට සූදානම් නෑ.කලු ලෝගුවට හැඩට ඉන්න තිබුණු මට කොහෙන්දෝ ආපු පවක් නිසා ඒක ඊලඟ ආත්මෙට පරක්කු කරන්න මට වෙලා.මාල හතක් දාලා හැඩට හිනා වෙන්න හිටපු මට අද ඒ හැමදේම හීනයක් වෙලා.කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් මන් දැන් අසරණයි.මොනා වුණත් ඔයාගේ ජීවිතේට මන් සුබ ප්‍රාර්ථනා කරනවා.ලස්සන ජිවිතයක් ඔයාට ලැබෙන්නම ඕනි.තෙරුවන් සරණයි.
මම නිල්මිණි
සුදු අරලිය ( සිව්වන කොටස)
සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය
නිල්මිණි ගෙවනු ලබන්නේ සරසවියේ පළමු වසරයි.නවක වදයෙන් බොහෝ ගැහැණු ළමුන් සිය සරසවි වරමට ආයුබෝවන් කියා නික්ම යති.තවත් සමහරු හාත්පස සිය චරිත වෙනස් කරගනිමින් සරසවිය තුළ අමුතු චරිත ගොඩනඟති.තවත් සමහරු පොත් අස්සෙම හිර වී රෝබෝ චරිත මෙනි. සිතුවාට වඩා සරසවි ජිවීතය නිල්මිණීට වහකදුරු ය.කරන්නට දෙයක් නැත. පියාගේ අසීමිත තරවටු මැද දුක් ගෙවන මවට හිත කොනකින් හෝ සතුටු වීමට අවස්තාව හම්බෙන්නේ ඈ නිසාය. කල්පනා ලෝකයක තනිවී පාරේ එක් පසකින් ගමන් කල ඈ තිගැස්සුනේ කවරෙකුගේ හෝ නොමනා වචනයකිනි.
"ඒයි උඹ පද්ද පද්ද කොහෙද යන්නෙ මෙහෙ වරෙන්..අපි ඉන්නවා උඹ දැක්කෙ නැද්ද.."
ඇයට මෙවන් වචන හුරු නුපුරුදු බවක් ගෙන දුන්නේ ය.හුරු බව නම් පියාගෙ වචන ය.නුපුරුදු බව නම් පාඩුවේ පාරෙහි ඇවිද ගියා ඈට නොදන්නා කෙනෙකුගෙන් එවැනි ආමන්ත්‍රණයක් ලැබීමය.
"මොකද උඹ නිකම් අහස පොළව ගැටලන්නෙ,"
"මොකද්ද උඹේ නම .."
"ම්...මම....මන් මේ....මන් නිල්මිණි"
"මොන පීඨෙද උඹ"
"මන් කලා පී......"
වචන ගලපන්නටත් පෙර ඇගේ දිගු වරලස ඈට ඇස්වලින් කඳුලු කැට වැටෙන්නට තරම් තදකින් කවුරු හෝ ඇඳ දැමුවේය.වේදනාව හා තරහා මිශ්‍ර හැඟීමකින් පිටුපස සිට සිටි පුද්ගලයාට ඈ තදින් කම්මුල් පහරක් එක් කලේ ය.එය කෙසේ වූවද යන්න ඇයටද මතක නැත.පිටුපස සිටියේ තුන්වන වසරේ ඉගෙනුම ලබන නොහොබිනා ගති පැවතුම් ඇති කෙල්ලකි.ඇයට වසර ගණනාවක නොහොබිනාකම්වලට ලැබුණු හොඳම දඬුවම එය විය.නිල්මිණිගේ අතෙහි ඇඟිලි සතරක් ඒ කෙල්ලගේ මුහුණේ රතු සිතුවම් ඇන්දේය.
"තිරිසනී ..තෝ මට ගැහුවේ මොන හයියකින්ද."
වටේ පිටේ ජේෂ්ඨ පිරිසද වට විය.ඈට බැනුම් ගොඩකි.අර කෙල්ල හැපින්නක මෙන් ඇඟේ මුහුණට කඩා වඳිමින් බනින්නට විය.තව එකෙකුගේ සැර පහරකින් ඈ යන්තමින් බේරුණේ ඒ අසලට ඇඟේ පීඨයේම මහාචාර්යවරයෙකු පැමිණි නිසා ය.
"උඹ ආයේ අහු වෙයිනේ"
"ඕකිට මන් අපාය පෙන්නනවා මෙහෙ"
"හොඳට බලාගනින් ඕකිගෙ මූණ"
එකෙනෙකා මුමුණමින් ඈට සැර බැල්මන් හෙලමින් එතනින් විසිර ගියහ.නිල්ම්ණිගේ දෑසෙ කදුලු කැට ගොඩකි.කුමක් කරන්නද ඈට සිතා ගත නොහැකිය.අනිවාර්යයෙන් ඔවුන් නැවත දවසක ඇයව අල්ලා ගනු ඇත.කාට කෙසේ මෙය කියන්නද ඈට සිතාගත නොහැකිය.අම්මාට තවත් දුක් දිය නොහැක.සුනිත්ට පැවසුවහොත් ඔහුද යක්ශාවේෂ වී එක දෙක කරනු ඇත.ඇයගේ මනස පැටලුණු නූල් පන්දුවක් වැනිය.කරන්නට කිසිවක් නැති තන්හී ඈ සිතා ගත්තෙ එන දේකට මුහුණ දීමට ය.
දින දෙක තුනක් ගත වුවත් ඔවුන් නැවත හමු නොවීම නිසා ඈ නැවතන් නිදහසේ සරසවියේ ඇවිද එහි සුන්දරත්වය විදින්නටත්,සුනිත් සමඟ දුරකථනයෙන් දොඩමලු වන්නටත් අමතක කලේ නැත.සුනිත්ගේ දුරකතන ඇමතුමට උත්තර සැපයීමට ඈ හිඳ ගත්තෙ ලස්සනට මල් තිබුණු තරමක් පාලු ස්වභාවයක් ගත් තැනක ගල්පොත්තක් උඩය.
ඇමතුම ගන්නට දුරකතනය අතට ගත්තා පමණි.ඉඳුල් පිරුණු ජරා වතුර බාල්දියක් ඇඟේ ගත තෙමා ගත්තේ ය.ඇස් දෙකෙ ඉඳුල් ගොස් වේදනා දුන්නේ ය.
"මහ ලොකු ජූනියර් උත්තමාවී."
දෙතුන් දෙනෙකුගේ කට හඬකි.ඈ බෑගයේ තිබූ ලේන්සුවකින් ඇස් පිහද බැලුවේ කර කියා ගන්නට දෙයක් නැතිවය.ලඟ සිටියේ එදා පිරිස ය.
"උඹ හිතුවද උඹට නිදහසේ ඉන්න දීල අපි බලු කුක්කො වගේ ඉඳි කියලා.උඹ එදා හයි පාර්ට් දැම්මේ උබේ ජේෂ්ඨයෙක්ට.."
"පොත්ත සුදු උනාම උඹ මහ රැජිනද"
එකෙකු එසේ පවසා ඇඟේ බෑගය උදුරා ගස මුලට විසික් කලේ ය.අර නැහැදිච්ච කෙල්ල ඇඟේ තුන් කාලට ඇඳි රැලි සායෙහි එක් රැල්ලක් සම්පූර්ණයෙන් ඉරා දැමීය.ඉතිරි කොටසේ තිරිසන් සතෙකුටත් ඇසිය නොහැකි අසභ්‍ය වචන ලීවාය.ඇඟේ හිසට බිම තිබූ කොළරොඩු දමා ගැසුවාය.
"දැන් ඉතින් මහ රැජිණ ඔහොම පලයන් ..උඹ මේක කාටහරි කියලා තිබ්බොත් එදාට උඹට මීට වඩා දෙයක් අපි කරනවා.."
ඇයට මෙය වාවගත නොහැක.ඉරුණු සාය,අපිරිසිදු හිස්කෙස්වලට වඩා ඇගේ මනස අවුල් වී ඇත.නේවාසිකාගාරයේ මුල්ලකට වී ඇය වැලහින්නක් මෙන් හඬන්නට විය.දරාගත නොහැකිම තැන ඇය ඇය අම්මාට ඇමතුමක් ගත්තේ හිතට සැනසීම ඇති එකම තැන ඈ බැවිනි.
"අම්මේ.."
"කියන්න නිල්මිණි පුතේ මන් ලොකුඅම්මා"
"ලොකු අම්මේ මට අම්මට කතා කරන්න ඕනි ෆෝන් එක අම්මට දෙන්න"
"මගෙ රත්තරනෙ .. කෙල්ලෙ උඹට මේක හිමින් සීරුවේ කියන්න හිටියේ .."
"අනෙ ලොකු අම්මෙ අම්මට දෙන්නකො"
"පුතෙ උඹේ අම්මා .."
"කෝ අම්මා"
"අම්මා පුතේ උඹලා අපි ඔක්කොම දාලා යන්න ගියා.මමත් දැන් ඉන්නෙ මේ ඉස්පිරිතාලෙ "
නිල්මිණිගේ ඇඟට පිහිතුඩකින් ඇනින්නාක් මෙන් වේදනාවකි.දුරකතනය බිමට වැටුණේය.කර කියා ගත නොහැකි පිස්සියක මෙන් නේවාසිකාගාරයේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් තට්ටුවෙන් තට්ටුවට ඈ ඇවිද්දා ය. එක්වරම බිම ඇඳගෙන වැටුණු ඈ පැවසුවේ එකම දෙයකි.
" අම්මේ ඔයා ඕනි මට."
නේවාසිකාගාර පාලිකාවන්ගේ උපකාර ඇතිව ඈ රෝහල් ගත කර සති දෙකකි.තවමත් ඈ පිස්සියක් මෙන් බලාගත්තු අත බලාගෙනය.සුනිත් කිහිපවරක් ඈ බැලීමට පැමිණියත් ඈ ඔහුවවත් අඳුරගන්නෙ නැත. මවගේ වියෝව නිසා ඈට මෙසේ වන්නට ඇතැයි වෛද්‍යවරුන් නිර්ණය කිරීම නිසා සරසවිය තුළ ඈට සිදුවූ අවනඩුව තවමත් දන්නේ විකල් වූ සිහියට ගැඹුරින් ඇති නිල්මිණිත් එය සිදු කල අයත් පමණි.
Thursday, 22 September 2022
සුදු අරලිය (තෙවන කොටස)
සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය
ඇඟේ දින පොත් අතරින් පැරණිම දින පොත ලියා ඇත්තේ 1986 දී ය.ඒ වන විට ඇයට අවුරුදු 19 කි.වැඩිහිටි නිවාසයේ කුසුමා අම්මා ලෙස කතා කල ද ඇඟේ නම නිල්මිණි දිසානායක ය.මොනරාගල ප්‍රදේශයේ උපත ලද ඈ පොලිස් රැකියාවක නිරත පියාගේත්, වෘත්තීය වශයෙන් ගුරුවරියක වූ මවගේත් එකම දියණිය විය.ගමේ උසස් පැලැන්තියක ජීවත් වූ ඈ ඉතාමත් රූමත් ගැහැණු ලමයෙකු වූ බව මට පසක් වූයේ දින පොතේ තිබූ ඇඟේ තරුණ වියේ ඡායාරූපයක් දැකීමෙනි.කලා අංශයෙන් උසස් පෙළ හදාරා ප්‍රතිඵල එනතුරු ඈ නිවසේ නිකරුනේ කාලය ගත කල තැනැත්තියක් නොවුවාය.මව්පියන් කෙතරම් හරි හම්බ කලද තමන්ගේ වියදම් තමන්ම දරා ගත යුතු යැයි තීරණය කල ඈ මව්පියන්ට කෙසේ හෝ පෙරැත්තත කොට නිවසට යාබඳ ඇඟලුම් කර්මාන්තශාලාවක තාවකාලික ලෙස සේවය කලා ය. එයට බොහෝ සෙයින් හේතු වූයේ පියාගේ මත්පැන් පානය නිසා පවුලේ බර සියල්ල මවට ගැනීමට සිදුවීම ඇඟේ හිතට තරමක් පීඩාකාරී වූ බැවිනි. පොත්පත් අතරත්,මව් පියන්ගේ දැඩි ආරක්ෂාවත් මැද සිටි ඈ දැන් නිදහස් කිරිල්ලියකි.ඒකාකාරව ගෙවුණු ඇඟේ ජීවිතයට අලුත් වෙනසක් සිදු වන්නේ මේ කාලසීමාවේදීය.
එදා සෙනසුරාදා දිනයකි.ඇඟලුම් ශාලාවට අලුත් පරීක්ෂකවරයෙකු පැමිනෙතැයි පැවසූ තොරතුර නිසාම එහි සැවොම වූයේ අලුතින් පැමිනෙන ඔහු කෙසේදැයි දැකබලා ගැනීමේ කුතුහලයෙනි.ඔහු තරමක් දේහදාරි ඉලන්දාරියෙකි.පැහැපත් පිරිපුන් මූහුනට උඩු රැවුල මහා පණ්ඩිත පෙනුමක් මෙන් ම සෙල්ලක්කාර බවක් ද ඔහුට එක් කලේ ය.ඔහුගේ පෙනුම නිසාම ඇඟලුම්හලේ කෙල්ලෝ අතර නිතර කසු කුසු අඩු නොවීය.නමුත් කුඩා වියේ පටන් පියාගේ අවවාද මැද වැදගත් චරිතයක් හෙබි නිල්මිනී ඒ අතර නොවී ය.දිනක් ඈ උදෑසන වැඩ සඳහා පැමිණියේ වෙනදාට වඩා කලින් ය. තරමක් ගොරෝසු කටහඬකි.
"ගුඩ් මෝර්නින් .......''
ඒ ඇඟලුම්හලට අලුතින් පැමිණි පරීක්ෂකවරයා ය.
"ගුඩ් මෝර්නින් සර්"
"මම සුනිත් තිලකරත්න . එතකොට මේ........"
"සර් මම නිල්මිණි දිසානායක ."
"නිල්මිණී.. ම්ම්...ලස්සන නමක් රූපේ වගේම.."
එය නම්.නිල්මිණිගේ මුහුණ රතු වී ලැජ්ජා වීමට කරුණක් විය.
"මොකද නිල්මිණී.."
"මුකුත් නෑ සර් ..බොහොම ස්තූතිය "
"ම්ම් .. නිල්මිණි දැන් ගිහින් වැඩ පටන් ගන්නකෝ..අලුත් ඕඩර් වගයක් අද ඇවිත් තියෙනවා.."
"හරි සර්.."
******************************************
මෙසේ කල් ගතවෙත්ම සුනිත් හා නිල්මිණි අතර ඇතිවූයේ අත් නොහල බැඳීමකි.මුල් කාලයේ ඔවුන්ගේ මේ මිතුරුකමට හරි ආකාර වූ නමක් නොතිබුනත් දැන් ඔවුන් එකිනෙකා තේරුම් ගත් ආදරවන්තයින් ය.පවුලෙහි තිබූ හිර වූ ජිවීතයට පැමිණි පළමු පෙම්වතා ඔහුය.බොහෝ සුන්දර ප්‍රථම ප්‍රේමය නිල්මිණීට අලුත් ජීවිතයක් ලබා දුන්නා යැයි කිවහොත් නිවැරදි ය.
එදා ඉර බැස සැඳෑවකි.සුනිත් හා නිල්මිණි අත් පටලන් පාර දෙසට ඇඳී ගියේ නිල්මිණීගෙ උසස් පෙළ විභාගය පාස් වීමේ සතුටද සමඟිනි.
"දැන් ඉතින් පුංචි උපාධි නෝනට අපිව අමතක වෙයි කැම්පස් ගියාම..."
හඬ අවදි කලේ සුනිත් ය.
"පිස්සුද සුනිත් මෙච්චර දවස් හිර වෙලා ගත කරපු ජීවීතේ නිදහස කියලා දුන්නෙ ඔයා.අනික අපෙ අප්පච්චි එදා ඉදලම මන් කැම්පස් යනවට කැමති නෑ.."
"ඒ ඇයි නිල්මිණි ... කීයෙන් කීදෙනාටද මේ වගේ කැම්පස් යන්න වාසනාව හම්බෙන්නෙ."
"අනේ මන්දා සුනෙත් අපි බලමුකො අප්පච්චිගෙ තීරණේ .දැන් එයා මට මේ ජොබ් එකටත් එන්න දෙන එකක් නෑ.. ඒ දවස් වල ඉඳන් අම්ම්ටත් හොඳටම දොස් කියනවා මන් හිතුවක්කාර වෙල මේ ජොබ් එකට ආවයි කියලා.."
පොලිස් නිලධාරියෙකු වු නිල්මිණිගේ පියා තද ගති පැවතුම් ඇත්තෙකු විය.එම නිසාම ඇයටත් ඇයගේ මවටත් පියාගෙ කීම ඇසිම හැර අන් කිසිවක් කළ නොහැකි විය.එම නිසා නිල්මිණිට සිය රැකියාව අතහැර නිවසේ සිටිමට සිදු විය,මවගේ පෙරැත්ත නිසාම පියාගේද අවසරය ගෙන නිල්මිණි සරසවි ගමනට ලැස්ති වූයේ බොහෝ බලාපොරොත්තු ඇතිවය.
මව්පියන්ගෙන් ඈත්ව නේවාසිකාගාරයේ නැවතී විශ්වවිද්‍යාල අධ්‍යනය කටයුතු කර ගැනීම නිල්මිණීට ඉතාමත් සතුටුදායක කාරණයක් වූයේ හැකි සෑම විටම සිය පෙම්වතා සමඟ දොඩමලු වීමටත්, බාධාවකින් තොරව ඔවුන් හට මඟතොට හමු වීමටත් හැකි වූ නිසාම ය.දිනෙන් දින ආදරය වැඩි වුවත් සිය අඟහිගකම් හමුවේ නිල්මිණිගේ දෙමාපියන් කිසිසේත් තමන්ට කැමති නොවන බවට සුනිත්ගේ මැතිරිල්ල නිල්මිණිට ඉතාමත් කන්කරච්චලයකි.බැරිම තන්හි "අනේ සුනිත් ඔයාට මේක කරන්න බැරි නම් නිකම් ඉමු "යි පවසා ඔහුට බැන වැදී යාමට පවා නිල්මිණිට සිදු විය.
Thursday, 8 September 2022
සුදු අරලිය(දෙවන කොටස)
සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය
අවුරුදු දෙක තුනක පටන් කොරෝනා වෛරසයත් ,ආර්ථික ගැටලුත් නිසා ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා එතරම් සුබදායි නොවූයේ පාසල් එන වයසේ වැඩි හරියක් නිවසට වී ගත කිරීමට ඔවුන්ට සිදු වීම නිසා ය.ඉස්සරහට පැමිණෙන කාලය වුවද එතරම් සුබදායි නොවන බව හැඟී ගිය නිසාම මා නිවාඩු දිනයේ ලහි ලහියේ ලක ලෑස්ති වූයේ පොඩි එවුන්ට විෂය සටහන් සකසා දී ඉවර කිරීමට ය.ආච්චි අම්මාගේ දෙතුන් පාරකට ලැබුණු ප්ලේන්ටියට පින් සිද්ද වන්නට සටහන් ටික එක දිගට අවසන් කිරීමට හැකි වීම සතුටට හේතු විය. එකවරම දුරකථනය නාද විය.නුහුරු නුපුරුදු කටහඬකි.
"හෙලෝ මේ සේයා මිස්ද?"
"ඔව් ..කවුද මේ? සේයා තමයි කතා කරන්නෙ.."
"මිස්, මම වැඩිහිටි නිවාසයේ මිසිස් පෙරේරා,ඒක බලාගන්න කෙනා"
"ආ...කියන්න.මුකුත් හදිස්සියක්වත්ද මිසිස් පෙරේරා"
"මිස්ට දැන් වැඩිහිටි නිවාසයට ඇවිත් යන්න පුලුවන්ද,මිස්ට මන් වැඩි විස්තර ආවම කියනම්කෝ.."
"හරි මට පොඩි වෙලාවක් දෙන්නකො. මන් දැන් ලෑස්තිවෙලා එන්නම්"
ඇමතුම විසන්ධි කල මා අතට අසු වුණු ඩෙනිමත් බ්ලවුස් එකකුත් දමාගෙන වැඩිහිටි නිවාසයට ගියේ විදුලි වේගයෙනි.එයට හේතුව නම් මිසිස් පෙරේරාගෙ කටහඬ එතරම් සතුටුදායක නොවීම නිසාවෙනි.
වැඩිහිටි නිවාසයට මා ගිය මුල් දිනයේ හිඳ ගත් ගසෙහි, එල්ලු සුදු කොඩියකි.එදා මෙන් මහන්සිද නැත.බඩු මලු පිරුණු විඩාබර දෑතක්ද නැත.නමුත් ඊටත් වඩා වෙහෙසකර ලෙස හිත විඩාබර ය.දෑත් වෙව්ලන්නට විය.සුදු කොඩිය එතරම් සුබ ලකුණක් නොවේ යන්න මට හැඟේ.එදා මහන්සි නිවූ ඒ ගහයට මට හිඳ ගැනීමටත් ප්‍රාණවත් ගතියක් අද නැත.වැඩිහිටි නිවාසයට මා ඇතුලු වූයේ නරක දෙයක් සිදු නොවේවායි පතමින් වුවත් ඇසූ පුවත මගේ දෙනෙතින් කඳුලු ගඟක් ගැලීමට තරම් සමත් විය.කුසුමා අම්මා සඳහටම ගොස් ය.දෙවියනේ .. කිසිඳු අහේනියක් නොතිබූ ඇය.ඇය යන්නම ගිහින් ය. එවැනි කෙනෙක් මගේ ජිවිතයට නැවත හමු වන්නේ ද නැත.හදවත් රෝගයකින් හිටි හැටියේ සමුගත් ඈ බැලීමට කිසිදු නෑදෑ හිතවතෙක් නැත.එකම සමීපතයා මා බව මට හැඟී ගියාට වරදක් නැත.මුන ගැසී ටික කාලයක් වුවත් මගේ ලඟම සිටි කුසුමා අම්මා මට මගේම අම්මා කෙනෙක් ලෙස හැඟේ.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
දින ගෙවී ගියේ ය.කුසුමා අම්මාගෙ හත් දවසේ දානයත් නිවාසයට දායකත්වය සපයන දායක කිහිපදෙනෙකුගේ දායකත්වයෙන් සිදුවිය.වයස්ගතවීමටත් පෙර හදවත් රෝගයෙන් ඇය අප අතරෙන් වෙන් වී ගිය දුක සැමගෙ හිතේ පැලපදියම් වී තිබිණි.කරන්නට දෙයක් නොමැත.ඇගේ ආයුෂ මෙපමණකි.
පාසලේ විවිධ වැඩ කටයුතු නිසා වැඩිහිටි නිවාසයට මා යන්නට සැරසුනේ කුසුමා අම්ම්ගේ දානයෙන් මාසයකට පමණ පසුව ය.එහි ගොස් මගේ පළමු කාර්‍ය වූයේ තව අම්මා කෙනෙකුට හෝ තාත්තා කෙනෙකුට ඉඩ ලබා දීමට කුසුමා අම්මාගේ කාමරය අස් පස් කිරීම ය.
සැබවින්ම එය නිදන කාමරයක් නොව මහජන පුස්තකාලයක් වැනි ය.ඒ තරම් පොත්පත් ඈ සතු වී තිබිණි.ඒ අතර එක පෙලට වූ දින සටහන් පොත් කිහිපයක් වෙත මගේ ඇස් යොමු විය.ඒ කුසුමා අම්මාගෙ දින පොත් ය.ඒ දින පොත් තුළ ඇඟේ ජීවිත කතාව ඇති බව හැඟුන නිසාම ඒ පොත් කිහිපය මගේ මල්ලෙහි ලැඟුම් ගත්තේ මගේ කුතුහලයත් සමඟිනි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ඉතින් පාසල් නිවාඩු කාලය එළඹෙන දෙසැම්බර් මාසයේ සීතල රාත්‍රියක කුසුමා අම්මාගෙ දින පොත් අතර තනි වූ මා මෙතෙන් පටන් දිඟ හරින්නේ ඇඟේ ජීවිත කතාවයි.
Tuesday, 30 August 2022
සුදු අරලිය(සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය)
මා නමින් සේයා වෙමි.සබරගමුව විශ්ව විද්‍යාලයෙන් සිංහල විශේෂ උපාධිය ලබා ගුරු වෘත්තියට කුලුඳුල් වූ ගුරුවරියකි.කෙතරම් රැකියා අවස්තා තිබුණත් කුඩා කල පටන් මගේ හිත දැඟලුවේ සාරි අඳින රස්සාවකටය.නමුත් ගුරුවරයෙක් වීම සාරි අඳින රස්සාවකට වඩා බෑරෑරුම් හරි සුන්දර දෙයක් බව මට වැටහුණේ දරුවන්ගේ හිත් සමඟ පොර බඳින්නට පටන් ගත් දා සිටන් ය. කුඩා කල පටන් තිබෙන දීමේ පුරුද්ද නිසාම අතට ලැබෙන සොච්චම් පඩියෙන් කොටසක් කාගේ හෝ බඩ ගින්දරක් නිවීමට හෝ අසරණ කෙනෙකුට ලබා දීම මගේ සතුටට හේතු විය.අගෝස්තු මාසයේ පඩියෙන් රුපියල් දසදහසක් ගත් මගේ අරමුණ වූයේ අපේ ගමට යාබදව ඇති වැඩිහිටි නිවාසයට බඩු ටිකක් අරන් දීම ය.රුපියල් දසදහසකින් මේ කාලෙ ගන්නට හැකි වන්නේ ඉතා කුඩා බඩු ප්‍රමාණයකි.රටේ පාලකයන්ගේ අපූරු කෙරුවාවට පින් සිද්ධ වන්නට රටේ මිනිස්සු හාල් පරිප්පු චුට්ටක් ඇරෙන්නට වෙන අනවශ්‍ය කිසිදු දෙයක් නොගන්නට පුරුදු වී ඇති බව මට වැටහුණේ ෆුඩ් සිටි එකෙන් හරි හරියට එලියට එන මිනිසුන්ගේ බඩු මලු දැකීමෙනි.අතේ තියෙන ගානට බඩු තෝරා ගැනීමට පහසු නිසාම එහි මහ සෙනඟකි.කෙසේ හෝ මගෙ කෙට්ටු ශරීරයට පින් සිද්ද වන්නට අස්සෙන් අස්සෙන් රින්ගා ගත් මා හාල් පහේ ටිකක් අරන් එලියට ආවේ ඇඟේ රෙදි ගැලවි නොගැලවී බේරා ගැනීමෙනි."ආහාර අර්බුදයක්ද අප්පා.." මගේ කටකාර කටට එක පාරට එවැන්නක් ආවත් එය සිනා වීමට කරුණක් නොවන බව මතක් වූයේ දැන් ලංකාවේ තත්වය නිසාම ය.කරෙන් කටෙන් එල්ලාගත් බඩුවලට වැඩි වෙහෙසක් වූයේ හාල් උර දෙකය. කෙසේ හෝ ත්‍රීවිලයකට බඩු ටික දමාගත් මා වැඩිහිටි නිවාසයට ගියේ සතුටත් ගමන් මහන්සියත් සම්මිශ්‍රිත හැඟීමෙනි.
මල් වවා නිදහස් පරිසරයක් තිබූ එහි ගහක් යට බංකුවක මන් ඉඳගත්තේ ඇත්තෙන්ම තිබූ ගතෙහි වෙහෙසට ය.කල්පනා ලෝකයකට පිවිසි මා ගැස්සී පියවි සිහියට ආවේ මෘදු ගැහැණු කටහඬකිනි.
"මේ නෝනා කාව හරි හම්බෙන්නද ..."
"ආ... ඔව්නේ අම්මේ මට මේ"
මගේ පිළිතුරේ අඟ මුල ගලපන්නට පෙර ඇඟේ දෙනෙත බොර විය.
"අනේ ඇයි මේ අම්මේ.."
"නැ නෝනේ.. ලොකු මිස් හම්බෙන්න මන් හිතන්නේ.. මන් නෝනෙව ලොකුමිස් ගාවට එක්කන් යන්නම්කො.කෝ දෙන්න ඔය බඩු මල්ලක් ..."
මගේ වෙහෙස මුසු මුහුණ දුටු ඇය මට බඩු ටික නිවාසයට ලබා වීමට උපකාර කළාය.
ඇය මගේ අම්මගේ වයසැති මැදි වීයේ ගැහැණියකි.සැබවින්ම දරුවෙකු මෙය කිව යුත්තක් නොවුණත් නිතර මගේ තාත්තා සමඟ රණ්ඩු කරන මගේ අම්මාට වඩා හික්මුණු සන්සුන් ගැහැණියකි. නිවසේ දෙමව්පියන්ගේ රණ්ඩූ සරුවල් අස්සේ හිත අපායක් කරගත් මගේ හිත ඇදුනේම ඇයගේ සන්සුන් කතා බහටය.එම නිසාම වැඩිහිටි නිවාසයට නිතර යාම මගෙ පුරුද්ද විය.
ඇගේ නම කුසුමා ය.තරමක් වයසට පැමිණියත් ඇගේ හිසකෙස් දෙකක් තුනක් සුදු ඇරෙන්නට අනෙක්වා කලු පැහැතිය.දිගු කෙස් වැටියත් , පිරිපුන් වූ තොල් යුගලත් , පැහැපත් වූ සිරුරත් ඇඟේ තරුණ වියේ මීට වඩා ලස්සනක් ගෙන දෙන්නක් වූවා නොඅනුමානය .නමුත් ඇඟේ විස්තර අහන හැම මොහොතේම ඇඟේ දෙනෙත් බොර වීමත් ,දිගු සුසුමත්,මට ඇඟේ සැගවුණු ජීවිත කතන්දරය දැනගැනීමේ කුතුහලය වැඩි කලේය.නමුත් කෙනෙකුගේ පෞද්ගලික දේ අකමැත්තෙන් හාරා ඇවිස්සීම තරමක් නරක පුරුද්ද්දක් වූවෙන් ඇය සුසුම් හෙලන හැම මොහොතකම ඇයව හිනා ගැස්වීම මගේ දඟකාර වචනවලට හැකි විය.
ඉතින් ඇය කවුද? ඇයත් සොහොනක තනි මකන සුදු අරලිය මලක් ද ? මුනගැසෙමු නැවතත්
පිපෙන්නට බලාපොරොත්තුවක් නැවත සුමුදු මල් පෙත්තකින්.......
Saturday, 27 August 2022
පරිමිත භාෂා
යම්කිසි සමාජ කාර්‍යයක් හෝ ස්ථානයක් පදනම් කොටගෙන නිශ්චිත සීමාවක් තුළ භාවිත වන භාෂා පරිමිත භාෂා වේ.ප්‍රදේශීය , සමාජීය යන දෙවර්ගයටම අයත් නොවන උපභාෂාවක් සේ හැඳින්වීමට නොහැකි මෙම භාෂා ෆ්ර්ත් වැනි වාග් විද්‍යාන්ඥයන් විසින් හඳුන්වා දි ඇත.කමතෙහි,ගොයම් මඩින හා බැත රාශී කරන අවස්තාවේදි යොදා ගනු ලබන බස් වහර හොදම නිදසුනයි.ර්‍ර්ට අමතරව දැල් ඇදීමේ භාෂාව ලෙල්ලමේ භාෂාව,වරාය සේවකයන්ගේ භාෂාව , උදාහරණ වේ.මෙම පරිමිත් භාශාවල සමාජිකත්වය තාවකාලික වන අතර ඒ ඒ ප්‍රස්තාවයට පමණක් සීමා වූ භාෂාමය ගුණයට අයත් වේ.උදාහරණ පහත පරිදිය .
කමක් භාෂාව
කමත- ගොයම් පෑගීමට සැකසූ ස්තානය
බෝල් තියනවා -අතුගෑම අරක් මුත්තා - ගෝලාකාර කළු ගලකි
උකුණු දැත්ත - පිදුරු ගස් පාදා ගන්නා රිට
ලාහ - වී මැනීමට ගත් මෙවලමකි
කලප්පන්න - මෙවලම් හෙවත් උපකරණ
බැත - වී
පුරන්නාව- මල්ල
ධීවර බස් වහර
පන්න කරනවා- මසුන් මැරීම
හැන්- කුඹ ගස
බීළී මන්ද- යොත
ජාලය- දැල
ගොයියා- රුවල
දියඹ- මුහුද
කිරි බණ්ඩා- සූඩයන්
ගඟුලාව- මුහුද
ශාන්තිකර්ම බස් වහර
විලක්කුව - පන්දම
ආතුරයා- ගිලන් වූ පුද්ගලයා
දේව දානය- දෙවියන්ට දෙන දානය
උපභාෂා
භාෂාව ඒ ඒ භාෂක සමාජයන් තුළ පවතින විවිධතා තුළින් භාෂක සමාජයේ වහරනු ලබන භාෂාව වෙනස් වේ.මනුශ්‍ය කණ්ඩායම් අතර පවතින සුවිශේෂී භාවයන් හේතුකොටගෙන වෙන් වෙන් වශයෙන් පිරිස් ඒකරාශි වීම නිසා ඔවුනොවුන් අතර පවතින සම්බන්දතාවය අභ්‍යන්තරික සුහදතාවය කුලුපගභාවය දැඩිව වර්ධනය වීම නිරායාසයෙන් සිදුවන්නකි.මේ නිසා පොදු භාෂක සමාජයේ සාමාජිකයන් අතරින් විශේෂීකරනය වීමටත් අනන්‍යතාවය තහවුරු කර ගැනීමටත් සුවිශේෂී භාෂා සම්ප්‍රදායක් ගොඩනගාගනු ලැබේ.මේවා උපභාෂා නමින් හැඳින්වේ.
සම්මත මහ සංස්කෘතියෙන් බිදී උප සංස්කෘතීන් වටා උපභාශා උත්පත්‍තිය ලබයි.උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතරම එයින් පැහැදිලි ව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රදායෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසීරීමයි.ප්‍රදේශිකත්වය,භූගෝලීය විවිධතාවය,රැකියාව ,වයස,ජනවාර්ගිකත්වය ආදී හේතු නිසා උප සංස්කෘති ඇති වන අතර ඒ යටතේ උපභාශා ඇති වේ.උපභාශා සදහා උදාහරණ පහත පරිදි වේ.
විශ්වවිද්‍යාල උපභාශා
භික්ෂු උපභාශා
යාචක උපභාශා
රොඩී උපභාශා
බන්ධනාගාර උපභාශා
තීරෝදරථ උපභාශා
විශ්ව විද්‍යාල තුළ සැබවින්ම පවතින්නේ එයටම සුවිශේෂී වූ උප සංස්කෘතියකි.ඒ අනුව පුද්ගලයන් හැදින්වීමට විශ්ව විද්‍යාල තුළ පහත උපභාශා ව්‍යවහාර භාවිත වේ.
උප කුලපති - වීසි කාරයා
මහචාර්‍යවරයා- ප්‍රෝෆා
දේශකයා- ලෙචා
පෙම්වතා හෝ පෙම්වතිය- කොක්ක
අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ පහත වචන භාවිත වේ.
ගිරවා දැමීම- කටපාඩම් කිරීම
කුප්පි දැමීම- දක්ශ සිසුවෙකු අනෙක් අයට පාඩම් කියා දීම.
කඩ්ඩ- ඉංග්‍රීසි
එසේම සහජ දක්ශතා මත විභාග සමත් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය.විභාගය අසමත් වීම ඇණ ගැනීමයි.එවිට රීපීට් වීමයි.එසේම විශ්ව විද්‍යාල හැදින්වීමට විවිධ නම් සංස්කරණ ද ඇත.
සබරගමුව - බෙලිහුල්ඔය මහ විද්‍යාලය
රුහුණ- හුලං කන්ද මහ විද්‍යාලය
ශ්‍රී ලංකාවේ පැවති තවත් එක් උපභාශාවක් වන්නේ රොඩී උපභාෂාවයි.ලංකාවේ රොඩී ජනතාවගේ භාෂාව හැඩ ගැසී තිබුනේ ඉල්ලන් කෑමේ සංකල්පය මතයි.එම නිසා ඔවුන්ගේ පැවැත්ම රදා පැවතුනේ සිංහල සමාජය සමගයි.එම නිසා රොඩී බසද සිංහල බසට සමානය.
බූස්සා- බල්ලා
බූලෑවා-වඳුරා
පෙකනවා-දකිනවා
ලතු- රතු
පෙකිරිත්ත- බඩ
මවුආ- අම්මා
අනන්ගයා- පිරිමියා
අන්ගියා- ගාවි
ගැඩී- දුව
හීන්තාත්තා- බාප්පා
උපභාශා පිලිබද කතා කිරීමේදී එය කොටස් දෙකකට බෙදීමක් සිදුවේ.
ප්‍රදේශීය උපභාශා
සමාජීය උපභාශා
ප්‍රදේශීය උපභාශා ගණයට ගැනෙනු ලබන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන භාශාවයි.ලංකාවේ දකුණු පළාත,නුවර කලාවිය,මහනුවර ,මාතලේ ,බිම්තැන්න,දිගාමඩුල්ල ,වැනි ප්‍රදේශ වල ප්‍රදේශීය භාෂා වහරනු ලබයි.
සමාජීය උපභාශා යනුවෙන් හදුන්වනු ලබන්නේ භාෂක සමාජයේ ආර්ථික බෙදුමක් හෝ ගොවි කම්කරු ව්‍යාපාරය වැනි වෘත්තීය බෙදුමක් හෝ සමාජීය වෙනස්කම් අනුව ගොඩනැගුනකි.
ප්‍රදේශීය උපභාශා හැදින්වීමේදි ලංකාව තුල භාෂා කලාප හතක් පමණ දක්නට ලැබේ.
උඩරට උපභාෂා කලාපය
දකුණු උපභාෂා කලාපය
වන්නි උපභාෂා කලාපය
නුවරකලාවිය උපභාෂා කලාපය
සත්කෝරලයේ උපභාෂා කලාපය
අගනුවර උපභාෂා කලාපය
Monday, 22 August 2022
කිරි නොඑරුනු අම්මා ඔබේ ලොක්කි මම
දරුවෝ තුනයි අම්මට වැඩිමලා මම
මව් සෙනෙහසට දෙවෙනියි දුන් සෙනේ මම
ගිය දා පටන් සවි කරනට පවුල ඔබ
ඔබ හරි දුරයි දුරු රටකට වඩා මට
වසර දෙකක් ගත වුණි ඔබ එරට ගිහින්
ලියුමක් දෙකක් පමනයි ඔබෙ අකුරු වලින්
පොඩි නංගි අහනවා දැන් කදුලු ඇසින්
අම්මා කොයිද ඒවිද දැන් අහස උඩින්
සිහිනය වුනේ ශිල්ප දෙන්න සාරි ඇදන්
තවමත් බලනවා මීයන් කෑ පීඨ ලියුම්
විගස ඇසෙන නංගිලගේ හඩන හැඩුම්
දුවනවා අම්මේ කිරි නොඑරුනු මවකි මමත්
තරහක් නෑ අදටත් අම්මේ මම
කිරි කෙරුවා දූ තිදෙනට ඔබේ ලෙය
පියා නැතිව විදි දුක් ගිනි මහ මෙරට
ඒ පිනම ඇති දුරු රට තනි නොවන් නුඔ
කවිය හා ගීතය අතර වෙනස
පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්...
-
කොළඹ යුගයේ බොහෝ තරුණ කවියන් සිය කවීත්වය බොහෝ සෙයින් ප්‍රකට කරන ලද්දේ ළමා හා තරුණ කවි ආශ්‍රිතව ය.එසේම කොළඹ යුගයේ පළමු කවි තරංගයේ කවීන් සේ...
-
මුල්ම සංස්කෘත විචාරවාදය මෙයයි.අලංකාරවාදය පැරණි භාරතීය කවියට පමණක් නොව පැරණි සිංහල කවියටද විශාල බලපෑමක් කල විශිෂ්ට විචාර සිද්ධාන්තයකි.අලංකාරව...
-
ඇය නොමැත අවසර යන්න ඇය හට බො මලුවෙ රන් වැට තුලින් කිලි යන නාමයයි ලැබුනේ මව් පදවි ගැන නොතකමින් උතුම් දළදා සමිදු අබියස පත්තිරිප්පුව යන නම...







