රසාස්වාද

Monday, 4 April 2022

අලංකාරවාදය

මුල්ම සංස්කෘත විචාරවාදය මෙයයි.අලංකාරවාදය පැරණි භාරතීය කවියට පමණක් නොව පැරණි සිංහල කවියටද විශාල බලපෑමක් කල විශිෂ්ට විචාර සිද්ධාන්තයකි.අලංකාරවාදයෙ නිර්මාතෘවරයා වන්නේ ක්‍රි.ව 07 වන සියවසේ කාව්‍යාලංකාර නැමැති කෘතිය රචනා කල බාමන නමැති පඩිවරයා වේ.ක්‍රි.ව. 08 වන සියවසේදී මෙම මතය ත්ව දුරටත් උත්බට පඩිවරයා  විසින් කාව්‍යාලංකාර සහර සංග්‍රහය නැමැති කෘතිය මගින් වර්ධනය කොට ඇත.මෙකී අලංකාර ප්‍රධාන කොටස් 02 කි.

                   01.ශබ්දාලංකාර

                   02.අර්ථාලංකාර

මේ ද්විත්වය තුළින් සහෘදයා තුළ චමත්කාරය ජනිත කරවීම අලංකරයයි.ශබ්ද මාධූර්‍ය එනම් ශබ්ද රසය නිපදවීම සදහා යොදා ගන්නා උපක්‍රම ශබ්දාලකංකාර ලෙස හැදින්වේ.එලිසමය,අනුප්‍රාසය,යමක,ලය,විරිත ආදී භාෂා උපක්‍රම මේ සදහා යොදා ගනී.උදාහරණ වශයෙන් එළිසමය යනු සිව් පදයක පාද හතරම එකම අකුරකින් අවසන් කිරීමයි.ඇතැම් සිව්පදවල මුල,මැද,අග යන තුන් තැනේදීම එළිසමය යොදා ගෙන ඇත.උදාහරණ ලෙස පරාක්‍රම කොඩිතුවක්කු රචකයාගේ මම වහිනවා කෘතියේ කවියක් බලමු.

වළලු නැතුව අත නිකම් තියෙනවා

වළලු  දෙකක් මට දියන්   කියනවා

අම්මා සෑම දින බලමු       කියනවා

වළලු නැතුව අත නිකම් තියෙනවා 

මෙහිදී ශබ්ද මාධූර්‍ය යොදා ගන්නේ එළිසමය තුලිනි.

කවියෙන් ප්‍රකාශ වන අර්ථ මතු කොට දැක්වීම සදහා යොදා ගන්නා භාෂා උපක්‍රම අර්ථාලංකාරයි.විශේෂයෙන් කවියේ අදහස එක එල්ලේ නොපවසා ඒ සදහා උපමා,රූපක,දීපක,අතිශයෝක්ති,ආදී භාෂා උපක්‍රම යොදා කාව්‍ය අලංකාර කිරීම මෙමගින් සිදු කෙරේ.උදාහරණ ලෙස පහත කවිය විමසා බලමු.මෙය ගුත්තිල කාව්‍ය තුල ඇති උපමා ඇති කාව්‍යකි.

වර වෙන නද අසමින් සිත සතොසිනි

සර හැර සියොතුන් පියපත් විදිමිනි

පුරඹර වසමින් සිටි රග කුම් වැනි

සුර සෙනගට සුර සුන් පැනවූ වැනි

මෙහි සුර සේනාවට දිව්‍ය ආසන පැනවූ වැනි යනු උපමාවයි.

කිසියම් කාව්‍ය කෘතියකින් චමත්කාරය ජනිත කරවීමට නම් එහි මුල ,මැද.,අග මැනවින් ශබ්දාලංකාර හා අර්ථාලංකර මැනවින් යොදා භාවිතා කර තිබීම වැදගත් ය.මේ නිසා පැරණි භාරතීය කවීන් මෙන්ම ලාංකික කවීන්ද මෙම අලංකාර ඔඅවුන්ගේ සාහිත්‍යය කෘති සදහා යොදා ගෙන ඇත.









No comments:

Post a Comment

කවිය හා ගීතය අතර වෙනස

 පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍...