රසාස්වාද

Monday, 22 August 2022

කිරි නොඑරුනු අම්මා ඔබේ ලොක්කි මම







 

දරුවෝ තුනයි අම්මට වැඩිමලා              මම

මව් සෙනෙහසට දෙවෙනියි දුන් සෙනේ  මම

ගිය දා පටන් සවි කරනට පවුල               ඔබ

ඔබ හරි දුරයි දුරු රටකට වඩා                 මට


වසර දෙකක් ගත වුණි ඔබ එරට        ගිහින්

ලියුමක් දෙකක් පමනයි ඔබෙ අකුරු   වලින්

පොඩි නංගි අහනවා  දැන් කදුලු           ඇසින්

අම්මා කොයිද ඒවිද දැන් අහස            උඩින්


සිහිනය වුනේ ශිල්ප දෙන්න සාරි        ඇදන්

තවමත් බලනවා මීයන් කෑ පීඨ          ලියුම්

විගස ඇසෙන නංගිලගේ හඩන         හැඩුම් 

දුවනවා අම්මේ කිරි නොඑරුනු මවකි මමත්


තරහක් නෑ අදටත් අම්මේ                     මම

කිරි කෙරුවා දූ තිදෙනට ඔබේ              ලෙය 

පියා නැතිව විදි දුක් ගිනි මහ              මෙරට

ඒ පිනම ඇති දුරු රට තනි නොවන්       නුඔ









2 comments:

කවිය හා ගීතය අතර වෙනස

 පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍...