සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය
ඇඟේ දින පොත් අතරින් පැරණිම දින පොත ලියා ඇත්තේ 1986 දී ය.ඒ වන විට ඇයට අවුරුදු 19 කි.වැඩිහිටි නිවාසයේ කුසුමා අම්මා ලෙස කතා කල ද ඇඟේ නම නිල්මිණි දිසානායක ය.මොනරාගල ප්‍රදේශයේ උපත ලද ඈ පොලිස් රැකියාවක නිරත පියාගේත්, වෘත්තීය වශයෙන් ගුරුවරියක වූ මවගේත් එකම දියණිය විය.ගමේ උසස් පැලැන්තියක ජීවත් වූ ඈ ඉතාමත් රූමත් ගැහැණු ලමයෙකු වූ බව මට පසක් වූයේ දින පොතේ තිබූ ඇඟේ තරුණ වියේ ඡායාරූපයක් දැකීමෙනි.කලා අංශයෙන් උසස් පෙළ හදාරා ප්‍රතිඵල එනතුරු ඈ නිවසේ නිකරුනේ කාලය ගත කල තැනැත්තියක් නොවුවාය.මව්පියන් කෙතරම් හරි හම්බ කලද තමන්ගේ වියදම් තමන්ම දරා ගත යුතු යැයි තීරණය කල ඈ මව්පියන්ට කෙසේ හෝ පෙරැත්තත කොට නිවසට යාබඳ ඇඟලුම් කර්මාන්තශාලාවක තාවකාලික ලෙස සේවය කලා ය. එයට බොහෝ සෙයින් හේතු වූයේ පියාගේ මත්පැන් පානය නිසා පවුලේ බර සියල්ල මවට ගැනීමට සිදුවීම ඇඟේ හිතට තරමක් පීඩාකාරී වූ බැවිනි. පොත්පත් අතරත්,මව් පියන්ගේ දැඩි ආරක්ෂාවත් මැද සිටි ඈ දැන් නිදහස් කිරිල්ලියකි.ඒකාකාරව ගෙවුණු ඇඟේ ජීවිතයට අලුත් වෙනසක් සිදු වන්නේ මේ කාලසීමාවේදීය.
එදා සෙනසුරාදා දිනයකි.ඇඟලුම් ශාලාවට අලුත් පරීක්ෂකවරයෙකු පැමිනෙතැයි පැවසූ තොරතුර නිසාම එහි සැවොම වූයේ අලුතින් පැමිනෙන ඔහු කෙසේදැයි දැකබලා ගැනීමේ කුතුහලයෙනි.ඔහු තරමක් දේහදාරි ඉලන්දාරියෙකි.පැහැපත් පිරිපුන් මූහුනට උඩු රැවුල මහා පණ්ඩිත පෙනුමක් මෙන් ම සෙල්ලක්කාර බවක් ද ඔහුට එක් කලේ ය.ඔහුගේ පෙනුම නිසාම ඇඟලුම්හලේ කෙල්ලෝ අතර නිතර කසු කුසු අඩු නොවීය.නමුත් කුඩා වියේ පටන් පියාගේ අවවාද මැද වැදගත් චරිතයක් හෙබි නිල්මිනී ඒ අතර නොවී ය.දිනක් ඈ උදෑසන වැඩ සඳහා පැමිණියේ වෙනදාට වඩා කලින් ය. තරමක් ගොරෝසු කටහඬකි.
"ගුඩ් මෝර්නින් .......''
ඒ ඇඟලුම්හලට අලුතින් පැමිණි පරීක්ෂකවරයා ය.
"ගුඩ් මෝර්නින් සර්"
"මම සුනිත් තිලකරත්න . එතකොට මේ........"
"සර් මම නිල්මිණි දිසානායක ."
"නිල්මිණී.. ම්ම්...ලස්සන නමක් රූපේ වගේම.."
එය නම්.නිල්මිණිගේ මුහුණ රතු වී ලැජ්ජා වීමට කරුණක් විය.
"මොකද නිල්මිණී.."
"මුකුත් නෑ සර් ..බොහොම ස්තූතිය "
"ම්ම් .. නිල්මිණි දැන් ගිහින් වැඩ පටන් ගන්නකෝ..අලුත් ඕඩර් වගයක් අද ඇවිත් තියෙනවා.."
"හරි සර්.."
******************************************
මෙසේ කල් ගතවෙත්ම සුනිත් හා නිල්මිණි අතර ඇතිවූයේ අත් නොහල බැඳීමකි.මුල් කාලයේ ඔවුන්ගේ මේ මිතුරුකමට හරි ආකාර වූ නමක් නොතිබුනත් දැන් ඔවුන් එකිනෙකා තේරුම් ගත් ආදරවන්තයින් ය.පවුලෙහි තිබූ හිර වූ ජිවීතයට පැමිණි පළමු පෙම්වතා ඔහුය.බොහෝ සුන්දර ප්‍රථම ප්‍රේමය නිල්මිණීට අලුත් ජීවිතයක් ලබා දුන්නා යැයි කිවහොත් නිවැරදි ය.
එදා ඉර බැස සැඳෑවකි.සුනිත් හා නිල්මිණි අත් පටලන් පාර දෙසට ඇඳී ගියේ නිල්මිණීගෙ උසස් පෙළ විභාගය පාස් වීමේ සතුටද සමඟිනි.
"දැන් ඉතින් පුංචි උපාධි නෝනට අපිව අමතක වෙයි කැම්පස් ගියාම..."
හඬ අවදි කලේ සුනිත් ය.
"පිස්සුද සුනිත් මෙච්චර දවස් හිර වෙලා ගත කරපු ජීවීතේ නිදහස කියලා දුන්නෙ ඔයා.අනික අපෙ අප්පච්චි එදා ඉදලම මන් කැම්පස් යනවට කැමති නෑ.."
"ඒ ඇයි නිල්මිණි ... කීයෙන් කීදෙනාටද මේ වගේ කැම්පස් යන්න වාසනාව හම්බෙන්නෙ."
"අනේ මන්දා සුනෙත් අපි බලමුකො අප්පච්චිගෙ තීරණේ .දැන් එයා මට මේ ජොබ් එකටත් එන්න දෙන එකක් නෑ.. ඒ දවස් වල ඉඳන් අම්ම්ටත් හොඳටම දොස් කියනවා මන් හිතුවක්කාර වෙල මේ ජොබ් එකට ආවයි කියලා.."
පොලිස් නිලධාරියෙකු වු නිල්මිණිගේ පියා තද ගති පැවතුම් ඇත්තෙකු විය.එම නිසාම ඇයටත් ඇයගේ මවටත් පියාගෙ කීම ඇසිම හැර අන් කිසිවක් කළ නොහැකි විය.එම නිසා නිල්මිණිට සිය රැකියාව අතහැර නිවසේ සිටිමට සිදු විය,මවගේ පෙරැත්ත නිසාම පියාගේද අවසරය ගෙන නිල්මිණි සරසවි ගමනට ලැස්ති වූයේ බොහෝ බලාපොරොත්තු ඇතිවය.
මව්පියන්ගෙන් ඈත්ව නේවාසිකාගාරයේ නැවතී විශ්වවිද්‍යාල අධ්‍යනය කටයුතු කර ගැනීම නිල්මිණීට ඉතාමත් සතුටුදායක කාරණයක් වූයේ හැකි සෑම විටම සිය පෙම්වතා සමඟ දොඩමලු වීමටත්, බාධාවකින් තොරව ඔවුන් හට මඟතොට හමු වීමටත් හැකි වූ නිසාම ය.දිනෙන් දින ආදරය වැඩි වුවත් සිය අඟහිගකම් හමුවේ නිල්මිණිගේ දෙමාපියන් කිසිසේත් තමන්ට කැමති නොවන බවට සුනිත්ගේ මැතිරිල්ල නිල්මිණිට ඉතාමත් කන්කරච්චලයකි.බැරිම තන්හි "අනේ සුනිත් ඔයාට මේක කරන්න බැරි නම් නිකම් ඉමු "යි පවසා ඔහුට බැන වැදී යාමට පවා නිල්මිණිට සිදු විය.
No comments:
Post a Comment