භාෂාව ඒ ඒ භාෂක සමාජයන් තුළ පවතින විවිධතා තුළින් භාෂක සමාජයේ වහරනු ලබන භාෂාව වෙනස් වේ.මනුශ්‍ය කණ්ඩායම් අතර පවතින සුවිශේෂී භාවයන් හේතුකොටගෙන වෙන් වෙන් වශයෙන් පිරිස් ඒකරාශි වීම නිසා ඔවුනොවුන් අතර පවතින සම්බන්දතාවය අභ්‍යන්තරික සුහදතාවය කුලුපගභාවය දැඩිව වර්ධනය වීම නිරායාසයෙන් සිදුවන්නකි.මේ නිසා පොදු භාෂක සමාජයේ සාමාජිකයන් අතරින් විශේෂීකරනය වීමටත් අනන්‍යතාවය තහවුරු කර ගැනීමටත් සුවිශේෂී භාෂා සම්ප්‍රදායක් ගොඩනගාගනු ලැබේ.මේවා උපභාෂා නමින් හැඳින්වේ.
සම්මත මහ සංස්කෘතියෙන් බිදී උප සංස්කෘතීන් වටා උපභාශා උත්පත්‍තිය ලබයි.උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතරම එයින් පැහැදිලි ව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රදායෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසීරීමයි.ප්‍රදේශිකත්වය,භූගෝලීය විවිධතාවය,රැකියාව ,වයස,ජනවාර්ගිකත්වය ආදී හේතු නිසා උප සංස්කෘති ඇති වන අතර ඒ යටතේ උපභාශා ඇති වේ.උපභාශා සදහා උදාහරණ පහත පරිදි වේ.
විශ්වවිද්‍යාල උපභාශා
භික්ෂු උපභාශා
යාචක උපභාශා
රොඩී උපභාශා
බන්ධනාගාර උපභාශා
තීරෝදරථ උපභාශා
විශ්ව විද්‍යාල තුළ සැබවින්ම පවතින්නේ එයටම සුවිශේෂී වූ උප සංස්කෘතියකි.ඒ අනුව පුද්ගලයන් හැදින්වීමට විශ්ව විද්‍යාල තුළ පහත උපභාශා ව්‍යවහාර භාවිත වේ.
උප කුලපති - වීසි කාරයා
මහචාර්‍යවරයා- ප්‍රෝෆා
දේශකයා- ලෙචා
පෙම්වතා හෝ පෙම්වතිය- කොක්ක
අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ පහත වචන භාවිත වේ.
ගිරවා දැමීම- කටපාඩම් කිරීම
කුප්පි දැමීම- දක්ශ සිසුවෙකු අනෙක් අයට පාඩම් කියා දීම.
කඩ්ඩ- ඉංග්‍රීසි
එසේම සහජ දක්ශතා මත විභාග සමත් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය.විභාගය අසමත් වීම ඇණ ගැනීමයි.එවිට රීපීට් වීමයි.එසේම විශ්ව විද්‍යාල හැදින්වීමට විවිධ නම් සංස්කරණ ද ඇත.
සබරගමුව - බෙලිහුල්ඔය මහ විද්‍යාලය
රුහුණ- හුලං කන්ද මහ විද්‍යාලය
ශ්‍රී ලංකාවේ පැවති තවත් එක් උපභාශාවක් වන්නේ රොඩී උපභාෂාවයි.ලංකාවේ රොඩී ජනතාවගේ භාෂාව හැඩ ගැසී තිබුනේ ඉල්ලන් කෑමේ සංකල්පය මතයි.එම නිසා ඔවුන්ගේ පැවැත්ම රදා පැවතුනේ සිංහල සමාජය සමගයි.එම නිසා රොඩී බසද සිංහල බසට සමානය.
බූස්සා- බල්ලා
බූලෑවා-වඳුරා
පෙකනවා-දකිනවා
ලතු- රතු
පෙකිරිත්ත- බඩ
මවුආ- අම්මා
අනන්ගයා- පිරිමියා
අන්ගියා- ගාවි
ගැඩී- දුව
හීන්තාත්තා- බාප්පා
උපභාශා පිලිබද කතා කිරීමේදී එය කොටස් දෙකකට බෙදීමක් සිදුවේ.
ප්‍රදේශීය උපභාශා
සමාජීය උපභාශා
ප්‍රදේශීය උපභාශා ගණයට ගැනෙනු ලබන්නේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන භාශාවයි.ලංකාවේ දකුණු පළාත,නුවර කලාවිය,මහනුවර ,මාතලේ ,බිම්තැන්න,දිගාමඩුල්ල ,වැනි ප්‍රදේශ වල ප්‍රදේශීය භාෂා වහරනු ලබයි.
සමාජීය උපභාශා යනුවෙන් හදුන්වනු ලබන්නේ භාෂක සමාජයේ ආර්ථික බෙදුමක් හෝ ගොවි කම්කරු ව්‍යාපාරය වැනි වෘත්තීය බෙදුමක් හෝ සමාජීය වෙනස්කම් අනුව ගොඩනැගුනකි.
ප්‍රදේශීය උපභාශා හැදින්වීමේදි ලංකාව තුල භාෂා කලාප හතක් පමණ දක්නට ලැබේ.
උඩරට උපභාෂා කලාපය
දකුණු උපභාෂා කලාපය
වන්නි උපභාෂා කලාපය
නුවරකලාවිය උපභාෂා කලාපය
සත්කෝරලයේ උපභාෂා කලාපය
අගනුවර උපභාෂා කලාපය
No comments:
Post a Comment