රසාස්වාද

Saturday, 22 January 2022

දුවගේ චිත්‍රය - ඉලක්ෂ ජයවර්ධන


 












ඉලක්ෂ ජයවර්ධනයන්ගේ දුවගේ චිත්‍රය පද්‍ය පන්තිය තුළ බැලූ බැල්මට ඇත්තේ පියෙකු විසින් සිය දියණිය ඇදි සිතුවමේ අඩුපාඩු සකසමින් එකී සිතුවම තවත් අලංකාර කිරීමට උපදෙස් සැපයීමයි.නමුත් ඒ තුළ සැගවුණු විශාල අර්ථයක් ඇති බව මට හැගේ.දියණියගේ සිතුවම සම්පූර්ණ කිරීමට පියා උපදෙස් දෙනු ලබන්නේ ඉතා සංවේදී අයුරිනි.මෙකී පද්‍ය පන්තිය රස විදීමේදී මට හැගෙන්නේ දියණියගේ මව වියෝවි ඇති හෝ ඇය සිය පවුල අතහැර ගොස් ඇති බවය.එම නිසා එයින් සංවේගයට පත් පියා සිය දියණියගේ සිතුවමේ සංකේත තුලින් එකී සංවේගය ,හැගීම විදහා දක්වන අයුරු පෙන්වයි.පියාගේ තනිකම ,පාලුව කියවෙන්නේ පහත අයුරිනි.

අහසට ලස්සනම ගෑවමයි දම්  පාට

හදත් අයිනෙන් අදිමු එය නැතුවම බෑ රෑට 

රාත්‍රි අහස පිලිබද කතා කිරීමේදී අපට පළමුව සිහියට නැගෙන්නේ සදයි.පවුලක් තුළ ද එසේමය.රාත්‍රි අහස පියා වැනිය.සද මව වැනිය .ඒ වටා එතුනු තරු දරුවන් වැනිය.රාත්‍රි අහස අලංකාර වන්නේ සද නිසා ය.නමුත් මෙහි එන පියාට ඔහුගේ සද නැමැති භාර්යාව අහිමි වී ඇත.එය ඉතා සංවේදී ආකාරයට කියවෙන්නේ හදත් අයිනෙන් අදිමු එය නැතුවම බෑ රෑට යන පද පේලියෙනි.මෙය දියණියට පියාගෙන් ලැබුනු එක් අදහසකි.නමුත් එය පියාගේ හද පතුලෙහු කීරී ගැහෙන තනිකමයි.

එසේම තවත් විටෙක හදෙහි ආවාට නොඇද සිටින ලෙස පියා දියණියට පවසයි.එසේම සද සාවාට දුර බව පවසයි.සදෙහි සාවෙක් සිටින බවට අප පුංචි අවධියේ සිට අසා පුරුදු දෙයකි.නමුත් වැඩිවියට පත් වන විට අප කොයි කවුරුත් දන්නේ සදෙහි ඇති ආවාට එකතුව සාවෙකුගේ රූපයක් මවන බවයි.එබැවින් සදෙහි සාවෙක් සිටීම උපකල්පනයක් බව පවසයි.සිය බිරිද නොමැතිව සතුට ලගා කර ගැනීම පියාට දැනෙන්නේ සාවාට සද මෙනි.

දුවගේ චිත්‍රය පද්‍ය පන්තිය තුළ මා මා සංවේගයට පත් කල තවත් එක් පද පෙලකි.

ගනනතේ මායිමේ නුඹ ඇදපු වවුලාට 

ලගින් තවකෙක් අදිමු තනිය හොද නෑ ඌට 

මෙහි එන පියා තම දියණිය සමග තනි වූවාට සිතුවමක් තුළ වුවද තමාට දැනෙන්නා වූ තනිකම තවකෙක්ට දැනෙන්නට දීමට අකමැතිය.සිතුවමක් යනු ජීවමාන වස්තුවක් නොවුනත් ඒ තුලින් පුද්ගලයෙකුගේ හැගීම කෙසේ තීව්‍ර කර හැකිද යන්න මෙම පද්‍ය පන්තියෙන් මනාව ඔප්පු වේ.

මෙකී පද්‍ය පන්තිය අවසන් වන්නේ දියණියගේ සිතුවමේ අවසානයෙනි.

චිත්‍රෙ අපි නොඇද ඉමු දුවේ අපි දෙන්නාව

එහෙම උනොතින් ළමයි සොයයි නුඹෙ අම්මාව

මෙය මා සංවේගයට පත් කල පද පෙළකි.පියාට දියණිය සේම දියණියට සිටින්නේ පියා පමණි.පියාගේ සිතේ කෙතරම් දුකක් තිබුනද එය තම දියණියට ලබා දීමට පියා අකමැතිය.

ඒ අනුව මා හට සිතෙන්නේ දුවගේ චිත්‍රය ලෙස මෙකී පද්‍ය පන්තිය මාතෘකාගත කළද උඩු අර්තයට වඩා හැංගුනු හැගීම් සම්බන්ධ ගනුදෙනුවක් ඒ තුළ අන්තර්ගත වන බවයි.

 

තවමත් ඔබ මගේය - එච්.එම්.කුඩලිගම


 











කොළඹ යුගයේ බොහෝ තරුණ කවියන් සිය කවීත්වය බොහෝ සෙයින් ප්‍රකට කරන ලද්දේ ළමා  හා තරුණ කවි ආශ්‍රිතව ය.එසේම කොළඹ යුගයේ පළමු කවි තරංගයේ  කවීන් සේම දෙවන කවි තරංගයේ ද කවියෝ සිය පෑන මෙහෙයවූයේ ළමා හා තරුණ හදවත් ආකර්ෂණය වන ලෙසටය.එකී ආරයේ කතුවරයෙකු වන්නේ එච්.එම් කුඩලිගමයන් ය.ඒ අනුව එතුමාගේ තවමත් ඔබ මගේය පද්‍ය පන්තිය තරුණ පිරිස් ආකර්ෂණය කරගත් තවත් එක් පබැදුමකි.

               මෙකී නිර්මාණය ලියා ඇත්තේ උත්ත්ම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි.එසේම එළිසමය රැක ඇති සරල සිව්පද ආකෘතියක් ප්‍රයෝජනයට ගෙන ඇත.කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන , රොමෑන්ටික් කවියේ ආභාෂය කැටි කරගත් සිංහල ශෛලී අන්වර්ත නාමයෙන් හදුන්වන මොහු ඈ,කුණාටුව,සිරිමලී යන නිර්මාණ තුලින් සිය කවි හැකියාව පෙන්නුම් කලේය.ඒ අනුව පෞද්ගලික අත්දැකීමක් පාදක කරගනිමින් රචිත තවත් පබැදුමකි ,තවමත් ඔබ මගේය .

කවියා මෙම යතාර්තය ඉදිරිපත් කිරීමේදී යොදා ගත් බස සරලය.කාව්‍ය අත්දැකීම් පාඨකයන්ට භාවාත්මකව සමීප කරවීම සදහා යොදා ගත් කාව්‍යමය බස් වහර විචිත්‍රවත්‍ ය.පැදිපෙළ පුරා ගීතවත් විරිතක් පැතිර ඇත්තේ කවියා යොදා ගෙන ඇති මටසිලිටි බස් වහර නිසා ය.සහෘදයා තුළ කාව්‍ය අත්දැකීම් තීව්‍ර කිරීම සදහා කවියා යොදා ගත් භාවාත්මක බස් වහර සමත් ය.හිරිමල් හලන්නට,සිහිලැල් සිනා රැලි , උණු කදුලැලි,අදුරු සෙවනැලි , වැනි යෙදුම් ඒ සදහා උදාහරණ වේ.මේ යෙදුම් නිසා කාව්‍ය අත්දැකීම් පිලිබද  භාවික හැගුම් සහෘදයාට උපදවා ගත හැකිය.

තවමත් ඔබ මගේය පැදි පෙල පරිසර හා සබැදි ස්වභාව සෞන්දර්ය ද තීරණාත්මක ලෙස බද්ධ කරමින් රසික හදවතට ස්පර්ශ කර ඇත්තේ අපූර්ව ලෙසය.කවියා හාත්පස නෙත ගැටුනු කදු හෙල් තැනිතලා ඇළ දොළ වැනි ස්වභාව වස්තූන් රජදහන කර ගනිමින් ඒ හා බැදුනු තමාගෙන් වෙන්වූ සෙනෙහෙවන්තිය සිහි කර පෙම්වතාගේ සිත් සතන් තුළ නිදන් ගත වූ අතීත මතක සටහන් ආවර්ජනා කරමින් නිර්මිත වූවකි.

පිරිමි හදවත්


 


















ලියන කියවෙන සෑම කවියම
ගෙතෙන්නේ මෘදු ගැහැණුකමටයි
පිරිමි හිත් ගැන ලියන කවියෝ
කාන්තාරයේ මල් පිපෙන ගානයි
නිතර වෙහෙසෙන පිරිමි හදවත්
ගැහෙන්නේ මල් බදු ගැහැණු නමටයි
කවියෝ කවි වැල් නොලුව්වේ ඇයි
පිරිමි ඇතුළතින් වෙඩරු ගානයි

තුරුණු විය නම් හරි සැකයි

 




















සිතේ රැදුනත් බොහෝ සිතුවිලි 
කියා  ගන්නට නෑ පෙමක්
විටෙන් විට එන සිතැගි සිතුවිලි 
පුබුදුවයි සිත මහමෙරක්
බොහෝ පෙම්බර පෙම් හසුන් මගෙ
සිතට මුවගට හසු උවත්
දඩබ්බර හද කවුරු  වෙනුවෙන් 
ගැහෙනවද නෑ අදහසක්

ගෙවී යන මේ තුරුනු අවධිය 
නොයෙක් සිතුවිලි උපදවයි
බොහෝ දේ අතරින් මගේ සිත 
දුවන්නේ පෙම් කවි වෙතයි
පෙම් හසුන් මට හමුවුනත් දැන්
සිතට ඒවා හරි බරයි
කාලයට ඉඩදී බලා හිදිමි මම
තුරුණු විය නම් හරි සැකයි


Friday, 21 January 2022

තනි තරුව ඔබ කවුද

 











බලන විට අහසේ තනි වුණු පුංචි         තරුවක් 

හිනා වුනා හොරෙන් පෙනෙන්න මට පමණක් 

තනිව ඔබ ඇයිද විමසුවා මම             පැනයක්

තනිය හුරුයි මට තරුව හෙලුවා          සුසුමක්


බොහො අය කතා කළද රෑ අහස         මනරම් 

තනි වුණු තරුව නෑ මෙමට                සතුටක්

හද එළිය වැටුණු විට රෑ අහස              බලවත්

කවුරුද සෙවුවේ තරුව නෑ එවිට එහි  එළියක්


බොහෝ දේ ඇති මුත් කියන්නට මෙමට දැන්

තනි තරුවේ දුප්පත් මෙමට රෑ නින්ද   සතුටක් 

සමාවෙයන් මට මාත් තනි                 තරුවක්

අමතක නොකර හෙට එනවාද තනි වෙමු අපි දෙන්නා පමණක් 









කැඩපත නුඹ හරි වංචාකාරයි


 











කැඩපත නුඹ කලා මට වංචාවක්

විස්වාස කළා නුඹව මහමෙරක් තරම් මං

තිබුණත් බොහෝ දේ යටි සිතේ ඇතුළත් 

පෙන්නුවේ නුඹ මෙමට උඩු අරුත පමණක් 


වගකීම පමණක් දුටුවේ මං ඔබෙන්

නොපෙන්නුවේ මන්ද හිත ඇතුලෙ සතුටක්

බොහෝ ලස්සන දේ මා තුළට ආවත්

කැඩපත නුඹ පෙන්නුවේ මට මාව පමණක්







Wednesday, 19 January 2022

පුතේ අජාසත් නැවත වෙයන් මට පුතෙක්

 









පාප මිත්‍ර ඇසුරෙ 

ගෙවුනත් ඔබෙ තරුණ දිවිය 

මොහොතකට සිතුවාද

ඔබේ පියා මා බිම්බිසාර ගැන

දුන් දරු සෙනෙහස 

කීතු කර ඉරද්දී

දුන් ඒ ආදරය...

දන්නවාද පුත

දෙපතුල් පලා ලුණු ඉස වේදනා දෙද්දී

වේදනා දුන්නේ දෙපතුල්ම නොව

දෙකඩ වූ හදවත බව

කෙතරම් ඉසිලුවත් ගතෙහි වේදනාව

ඉවසනු නොහැකි වූයේම මට 

වේදනා දුන්නේ මගේම ලේ 

ජාතක කළ

පුත අජාසත් නැවත වෙයන් මට පුතෙක් 

පිය සෙනෙහස උතුරන

ඔබ කරගත් පාපී කදට එරෙහිව ...








 








Friday, 14 January 2022

මවකි මමත්

 



දින ගනන් ගත වේවී යනකොට
පුංචි බයකුත් දැනුන මුත්
කිරි කැටි සිනා නුඹෙ දකින තුරු මට
නෑ තිබුනෙ ඉස්පාසුවක් 
නුඹ කෙසේ දැයි සිතන විට මට 
නර්ස් නෝනගේ පිළිතුරක් 
පුතු පැටියෙක් කුසේ අම්මේ
ඇය කිව්වා මගෙ අත බදන්


දස මසක් කුස හෝවා ගත් නුඹ 
පුංචි මැනිකක් මට වුනේ
දිනෙන් දින මම දවස් ගැන්නේ
හොවා ගන්නයි මගෙ ගතේ
කිරි සුවද ගත හිතට දැනෙන විට
කියා ගන්නට බෑ මෙසේ
උතුම් පදවිය මවක් ලෙස මට
දුන්නු නුඹ මට රජෙක් පුතේ

සිතේ ඇදුනා වූ එකී රූපය
ජීවමානයි මට පෙනේ
සතුටෙ කෙලවරක් නෑ මෙමට දැන්
වේදනාවක් නොම දැනේ
දුටුව විට ඒ පුංචි රූපය 
නෙතෙන් කදුලක් මගෙ සැලේ
පුංචි පුතේ මගෙ හයිය වෙයන් නුඹ
රකිනවා මං මගෙ පන වගේ

Monday, 10 January 2022

ස්තූතියි කොරෝනා නුඹට

 














කියා දුනි නුඹ අපට 

අමතක නොවන පාඩමක්

වැටහුනි අපට 

බුදුන් දෙසූ ලෙසට

ජීවීතයක ඇති 

අනියත බව

කොරෝනා නුඹ 

අපට කියා දුන්නෙ

සොබා දහමට අවනත බව මිස

වෙන කිසිවක් නොමැති බව

පැවසුවා නුඹ අපට

බැඳීමක ඇති අස්ථීර බව

පෙරලුවා පිටුවක්

නුඹ අපට නැවත වරක්

සිතන්නට ජීවිතය ගැන

ස්තුතියි කොරෝනා නුඹට

කියා දුන්නාට ජීවිතය













Tuesday, 2 November 2021

දුටුවා සරසවි සිහිනයක්




















 
හිරිමල් අවදියේ සිට

තැනුවා අපූරු සිතුවමක්

නැත නැත එය නම්

මන් දුටුව සිහිනයක්


පියවරෙන් පියවර

පියමැන්නෙම් අඩිතාලමක් 

ලැබුණා සරසවි මව

එය නම් මෙමට ත්‍යාගයක් 


දුටුවා සිහින අතර

දෙවුර හැඩ ලෝගුවක්

විගසම සිතුනි මට

නගින්නට ඇත මහ කන්දක්


බොහෝ දුර යා යුතුය

තිබේ මට මහ ශක්තියක්

සිහිනෙනුත් මෙමා කියයි දැන් නම්

දුටුවා සරසවි සිහිනයක්












කවිය හා ගීතය අතර වෙනස

 පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍...