සිතේ රැදුනත් බොහෝ සිතුවිලි
කියා ගන්නට නෑ පෙමක්
විටෙන් විට එන සිතැගි සිතුවිලි
පුබුදුවයි සිත මහමෙරක්
බොහෝ පෙම්බර පෙම් හසුන් මගෙ
සිතට මුවගට හසු උවත්
දඩබ්බර හද කවුරු වෙනුවෙන්
ගැහෙනවද නෑ අදහසක්
ගෙවී යන මේ තුරුනු අවධිය
නොයෙක් සිතුවිලි උපදවයි
බොහෝ දේ අතරින් මගේ සිත
දුවන්නේ පෙම් කවි වෙතයි
පෙම් හසුන් මට හමුවුනත් දැන්
සිතට ඒවා හරි බරයි
කාලයට ඉඩදී බලා හිදිමි මම
තුරුණු විය නම් හරි සැකයි
No comments:
Post a Comment