බලන විට අහසේ තනි වුණු පුංචි තරුවක්
හිනා වුනා හොරෙන් පෙනෙන්න මට පමණක්
තනිව ඔබ ඇයිද විමසුවා මම පැනයක්
තනිය හුරුයි මට තරුව හෙලුවා සුසුමක්
බොහො අය කතා කළද රෑ අහස මනරම්
තනි වුණු තරුව නෑ මෙමට සතුටක්
හද එළිය වැටුණු විට රෑ අහස බලවත්
කවුරුද සෙවුවේ තරුව නෑ එවිට එහි එළියක්
බොහෝ දේ ඇති මුත් කියන්නට මෙමට දැන්
තනි තරුවේ දුප්පත් මෙමට රෑ නින්ද සතුටක්
සමාවෙයන් මට මාත් තනි තරුවක්
අමතක නොකර හෙට එනවාද තනි වෙමු අපි දෙන්නා පමණක්
❤✍️
ReplyDeleteස්තුතියි
Delete