රසාස්වාද

Saturday, 11 June 2022

ආදර කදු පාමුලදී

 







ආදර කදු පාමුල සිට 

සබර වසන්තය මවනා 

ගලන ගගට බාධක මිස 

මල් වැසි වැටුනද කිසිදා

නේක නේක කඩුලු මතින් 

ජීවිතයට සවිය මවා

තවත් ඉමක් නැවුම් අපට

සිත් රූ සර ලෙසින් ගෙනා



සිත් රූ සර 2022










සරන සියොතුන් පියා විදහා

අහස් කුස වේය සරණක්

නොයෙක් සිතුවිලි දසත ගලනා

පැන්සල වේය සවියක් 

නේක සිත් මත යැපුනු ග්‍රන්ථයක්

ටිකට් නොමැතිම සවාරියක් 

සරන්නට අවසරයි සියොතුන් සේ

සබර මව්නි වූවොත් ඔබ සෙවනක්






සිත් රූ සර

 













දිනෙන් දින ගෙවෙන හෝරාවෙන් හෝරාව 

නවුමු මතකයන් සරසවියෙන් ජීවිතයට

සරසවි මතකයන් එක් කල පුස්තකයට

සාරාර්ථ පිටුවක් පටුනට මාතෘකාගත කළ

පෙරලන්න සූදානමක් නැවතත් මෙවර අප

මතකවිත පටුනට සිත් රූ සර පිටුව ලෙස 





Monday, 6 June 2022

රකිමි සුරකිමි හද මඩල තුල

 නිමක් නැති සීත වැහි බිංදු

තදින් මා ගත වෙලාගත් කල

මද අදුර ගන අදුර සිහින් වැසි බිදු සමග 

මා තනිව පිය නඟන විට


මුවගෙහි පතිත වන වැහි පොදින් 

ඇරෙන පියවෙන නෙතු පියන් අභියස

දිස්විය ක්ශනයෙන් 

නුහුරු නුපුරුදු ලොවක්


හිරිකඩ අතරේම දිප්වී

හිරිපොද අතරම බොදව යාමට

වෙර දරන 

නෙතට නුපුරුදු සොදුරු ලොව 

රකිමි සුරකිමි හද මඩල තුල








Friday, 3 June 2022

සාරාර්ථ

 


 


කැඩපතෙහි පෙන්වන පසුබිම් රුව මිසක 

කිසිදා නොකීවා ඇතුලත ඇති හැඩරුව

විනිවිද දකින්නට ඔබ දකින සිහින අතර 

සාරාර්ථ කැඩපතයි දුටු දෙයින් එහා දකින 


රාත්‍රි අහසේ පායා ආ සද මඩල මෙන් 

මලකට රසය එබු මකරන්ද මෙන්

උදයට සිසිල දුන් පිනි පොකුරු මෙන් 

අවසරයි පෙරලන්න සාරාර්ථ පටුන මෙන් 


කලු අහසේ රලු මකන සද මඩල මෙන් 

නිල් අහසෙ තනි මකන සියොත් රැල මෙන් 

සිත් ගගුලේ ගලා යන සිතුවිලි පොකුරු මෙන් 

අවසරයි පෙන්වන්න සබර වසන්තයේ සාරාර්ථයන්

Monday, 4 April 2022

නූතනවාදී සාහිත්‍යය විචාරය

 නූතනවාදය වූ කලී දාර්ශනික ව්‍යාපාරයක් මෙන්ම කලා ව්‍යාපාරයක් ද වේ.19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ බටහිර සමාජයේ වර්ධනය වූවකි.නූතනවාදය බිහි වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ සංස්කෘත ප්‍රවනතා හා සමාජ ආර්ථික වෙනස්වීම්‍ ය.නූතන කාර්මීකරනයේ වර්ධනය හා නගරවල සීඝ්‍ර වර්ධනය ,නූතනවාදය හැඩගැස්වීමට දායක වූ සාධක අතර ප්‍රමුඛ ස්තානයක් ගනී.එසේම දාර්ශනික හා ඓතිහාසික වශයෙන් නූතනවාදය වර්ධනය වීමට ප්‍රධාන කරුනක් වූයේ පලමුවැනි ලෝක සංග්‍රාමය යි.

19 වන සියවස වන විට නූතනවාදීන් දුටු කරුණ වූයේ සාම්ප්‍රදායික කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය සාහිත්‍යය ආගමික ඇදහීම් දර්ශනය එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් හා විදයාවන් තවදුරටත් කාර්මීකරනය සමගින් ඉස්මතු වූ ලොකයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නුසුදුසු වන බවයි.එබැවින් නූතනවාදය සෑම විටම ආමන්ත්‍රණය කරන්නට වූයේ නැගී එන කාර්මික ලෝකයේ දලුලමින් තිබූ නව සමාජීය ආර්ථික දේශපාලන පරිසරයක් වෙතය.


අලංකාරවාදය

මුල්ම සංස්කෘත විචාරවාදය මෙයයි.අලංකාරවාදය පැරණි භාරතීය කවියට පමණක් නොව පැරණි සිංහල කවියටද විශාල බලපෑමක් කල විශිෂ්ට විචාර සිද්ධාන්තයකි.අලංකාරවාදයෙ නිර්මාතෘවරයා වන්නේ ක්‍රි.ව 07 වන සියවසේ කාව්‍යාලංකාර නැමැති කෘතිය රචනා කල බාමන නමැති පඩිවරයා වේ.ක්‍රි.ව. 08 වන සියවසේදී මෙම මතය ත්ව දුරටත් උත්බට පඩිවරයා  විසින් කාව්‍යාලංකාර සහර සංග්‍රහය නැමැති කෘතිය මගින් වර්ධනය කොට ඇත.මෙකී අලංකාර ප්‍රධාන කොටස් 02 කි.

                   01.ශබ්දාලංකාර

                   02.අර්ථාලංකාර

මේ ද්විත්වය තුළින් සහෘදයා තුළ චමත්කාරය ජනිත කරවීම අලංකරයයි.ශබ්ද මාධූර්‍ය එනම් ශබ්ද රසය නිපදවීම සදහා යොදා ගන්නා උපක්‍රම ශබ්දාලකංකාර ලෙස හැදින්වේ.එලිසමය,අනුප්‍රාසය,යමක,ලය,විරිත ආදී භාෂා උපක්‍රම මේ සදහා යොදා ගනී.උදාහරණ වශයෙන් එළිසමය යනු සිව් පදයක පාද හතරම එකම අකුරකින් අවසන් කිරීමයි.ඇතැම් සිව්පදවල මුල,මැද,අග යන තුන් තැනේදීම එළිසමය යොදා ගෙන ඇත.උදාහරණ ලෙස පරාක්‍රම කොඩිතුවක්කු රචකයාගේ මම වහිනවා කෘතියේ කවියක් බලමු.

වළලු නැතුව අත නිකම් තියෙනවා

වළලු  දෙකක් මට දියන්   කියනවා

අම්මා සෑම දින බලමු       කියනවා

වළලු නැතුව අත නිකම් තියෙනවා 

මෙහිදී ශබ්ද මාධූර්‍ය යොදා ගන්නේ එළිසමය තුලිනි.

කවියෙන් ප්‍රකාශ වන අර්ථ මතු කොට දැක්වීම සදහා යොදා ගන්නා භාෂා උපක්‍රම අර්ථාලංකාරයි.විශේෂයෙන් කවියේ අදහස එක එල්ලේ නොපවසා ඒ සදහා උපමා,රූපක,දීපක,අතිශයෝක්ති,ආදී භාෂා උපක්‍රම යොදා කාව්‍ය අලංකාර කිරීම මෙමගින් සිදු කෙරේ.උදාහරණ ලෙස පහත කවිය විමසා බලමු.මෙය ගුත්තිල කාව්‍ය තුල ඇති උපමා ඇති කාව්‍යකි.

වර වෙන නද අසමින් සිත සතොසිනි

සර හැර සියොතුන් පියපත් විදිමිනි

පුරඹර වසමින් සිටි රග කුම් වැනි

සුර සෙනගට සුර සුන් පැනවූ වැනි

මෙහි සුර සේනාවට දිව්‍ය ආසන පැනවූ වැනි යනු උපමාවයි.

කිසියම් කාව්‍ය කෘතියකින් චමත්කාරය ජනිත කරවීමට නම් එහි මුල ,මැද.,අග මැනවින් ශබ්දාලංකාර හා අර්ථාලංකර මැනවින් යොදා භාවිතා කර තිබීම වැදගත් ය.මේ නිසා පැරණි භාරතීය කවීන් මෙන්ම ලාංකික කවීන්ද මෙම අලංකාර ඔඅවුන්ගේ සාහිත්‍යය කෘති සදහා යොදා ගෙන ඇත.









Wednesday, 30 March 2022

අදුරෙන් එලියට

 









අදුරෙන් එලියට

ගෙපල ආලෝකමත් විය

විදුලිය දුටු දින

දැනුනා මට දිනුව බව ලොවම

කිසිදා නොදුටු ආලෝකය 

කුමන අරුමයක්ද මා දකින 

 කිසිදා නොපැතූ ආලොකය

 සතුටින් පිරී ඉතිරෙවුවා නිවස






රසවාදය

 රසවාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවනුයේ ක්‍රි .පු පලමුවන සියවසේ විසූ භරතමුනි පඩිවරයා ටය.ඔහු විසින් රචනා කරන ලද නාට්‍ය ශාස්ත්‍රය නැමැති කෘතියේ ඔස්සේ  විචාරවාදය පිලිබද මූලික වශයෙන් ඉදිරිපත් කර ඇති අතර පසුකාලීනව පහල වූ විචාරකයන් විසින් මෙම විචාරවාදය තවත් එක් එක් ක්‍රමවේදයන් ඔස්සේ විචාරය කෙරිනි.භරතමුනි සිය නාට්‍ය ශාස්ත්‍රය කෘතියේ රස 8 ක් පිලිබද පෙන්වා දෙයි.ශුංගාර රසය,කරුනා රසය,භයානක රසය, රෞද රසය,වීර්‍ය රසය,අත්භූත රසය,භීබත්සය රසය ආදියයි.පසුව වෙනත් පඩිවරු මෙයට ශාන්ත රසය එක් කලෝය.

රසවාදය මුලින් යොදා ගැනුනේ නලු විචාරය කිරීම සදහාය.එහෙත් පසුව එය ඒවායේ නිර්මාණාත්මක කාර්‍යේදී අදාල කර ගැනීම සිදු විය.

පසු කලෙක සංස්කෘතික භාෂාවෙන් රචිත කෘති මේ රස එකක් හෝ කිහිපයක් ප්‍රකට කිරීමේ අරමුනින් නිර්මාණය කල බව පැහැදිලි ය.

ලාංකික සාහිත්‍යය කලාව තුලද නිර්මාණ සදහා මෙකී රසයන් භාවිතා කොට ඇත.නිදසුන් ලෙස රැපියල් තෙන්නකෝන්ග්ගේ කුකුලු හැවිල්ලයි.

මගෙ කුකුලා නැසූ එකා 

දදය ඔබගෙ පාලු යකා 

තව එක බුද දිනක් තක ඉන්නට ඉඩ නොදී මකා

බල හෙල්ල හෙලුව හෙල්ල 

මුලැමැ බෙල්ල මරු තැනේ

මෙකී කාව්‍ය මගින් වීර රසය හා රෞද්‍ර රස ය ජනිත වන අයුරින් නිර්මාණය කර ඇත.

භාරතීය රසවාදයට අනුව නිර්මාණකරනය හෝ විචාරය දැන් බහුල නොවේ.මේ වන විට ඉන්දියාවේ පවා පුමුඛත්වය ගෙන ඇත්තේ බටහිර මතිමතාන්තර ය.ඊට හේතුව වන්නේ භාරතීය රසවාදය හුදෙක් සෞන්දර්ය පදනම් කර ගැනීම නිසාය.



සීගිරි ගී වල සාහිත්‍යයමය වැදගත්කම

 ලංකාවේ ඉතිහාසය ජනාවාසකරනය ඇරඹූ දා සිට ම සාහිත්‍යය කලාව පැවත එන අතර ලිඛිත සාක්ෂි අනුව මහින්දාගමනය සිවු වූ දා සිට අක්ශර කලාව ඇරඹීය.ඒ සමගම සාහිත්‍යය කලාව පිලිබදව අපට ලබා ගත හැකි ප්‍රබලම සාධකය වනුයේ කාශ්‍යප රජුගේ ආලකමන්දාව තුළින් හමුවන සීගිරි කුරුටු ගී වේ.සීගිරි ලලනාවන්ගේ ලාලිත්‍ය ශෘන්ගාරය මනාව අලංකාර සහිතව ලිහිල් බසින් ලියැවී ඇති සීගිරි ගී ශ්‍රී ලාංකික සාහිත්‍යය ඉතිහාසයේ සොදුරු ඇරඹූම ලෙස දැක්විය හැක.

සීගිරි ගී යනු සීගිරි බලකොටුව නැරඹීමටආ නොයෙක් ප්‍රදේශයවල ජනයා සීගිරි පර්වතයෙහි ඇති සුන්දරත්වය අවට පරිසරය සේ ම විශේෂ ලෙසම සීගිරී බිතු සිත්වමේහී ඇති සීගිරී ලලනාවන්ගේ රූපය දැකීමෙන් ඒ හරහා නිර්මාණය කළ කාව්‍ය ගී නිර්මාණයන්‍ක් ය.ක්‍රි.ව 8,9,10, යන සියවස්වල මෙම සීගිරිගී අයත් වේ.

සීගිරි ගී වල වැදගත්කම පිලිබද කතා කිරීමේදී ප්‍ප්‍රධාන වශයෙන් දකිය හැකි වන්නේ මෙය ජන කවී සම්ප්‍රදායට අයත් වීමයි.එඅසේම බහුකෘත මූලාශ්‍රයක් නිසාත් පොදු ජනයාගේ  රුචි අරුචිකම් විදහා  දක්වන්නකි.එඅයට හොදම නිදසුන ලෙස මා දකින්නේ අග්බොයි හිමිගේ සීගිරි කවියයි.ඒ තුළ  අතිශයෝක්තියයෙන් මිදුනා වූ වර්නනයන් ඇතුලත්‍ ය.

සිගිරි ගී තුලට අවදානය යොමු කිරීමේදී සීගිරී ගී බොහෝමයක් ලියැවී ඇත්තේ බිතු සිත්වමේහී ඇති ස්ත්‍රී රූප වර්නනා කිරීමටය.නමුත් සීගිරි කවියාට වස්තු විශය වුයේ රූමත් කාන්තාවෝ පමනක් නොවේ සමහර කවියෝ සීගිරි පර්වතය ගැන ලියූහ ඇතැමෙක් එහි වූ සිංහ රූපය ගැන ලියූහ .

සීගිරි ගී දෙස බැලීමේදී ඔඅවුන් සිය ග්‍රහණයට හඩු වන්නා වූ ලක්ෂණ කාව්‍යකරනයට ලක්කොට ඇත.

කවිය හා ගීතය අතර වෙනස

 පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍...