ලංකාවේ ඉතිහාසය ජනාවාසකරනය ඇරඹූ දා සිට ම සාහිත්‍යය කලාව පැවත එන අතර ලිඛිත සාක්ෂි අනුව මහින්දාගමනය සිවු වූ දා සිට අක්ශර කලාව ඇරඹීය.ඒ සමගම සාහිත්‍යය කලාව පිලිබදව අපට ලබා ගත හැකි ප්‍රබලම සාධකය වනුයේ කාශ්‍යප රජුගේ ආලකමන්දාව තුළින් හමුවන සීගිරි කුරුටු ගී වේ.සීගිරි ලලනාවන්ගේ ලාලිත්‍ය ශෘන්ගාරය මනාව අලංකාර සහිතව ලිහිල් බසින් ලියැවී ඇති සීගිරි ගී ශ්‍රී ලාංකික සාහිත්‍යය ඉතිහාසයේ සොදුරු ඇරඹූම ලෙස දැක්විය හැක.
සීගිරි ගී යනු සීගිරි බලකොටුව නැරඹීමටආ නොයෙක් ප්‍රදේශයවල ජනයා සීගිරි පර්වතයෙහි ඇති සුන්දරත්වය අවට පරිසරය සේ ම විශේෂ ලෙසම සීගිරී බිතු සිත්වමේහී ඇති සීගිරී ලලනාවන්ගේ රූපය දැකීමෙන් ඒ හරහා නිර්මාණය කළ කාව්‍ය ගී නිර්මාණයන්‍ක් ය.ක්‍රි.ව 8,9,10, යන සියවස්වල මෙම සීගිරිගී අයත් වේ.
සීගිරි ගී වල වැදගත්කම පිලිබද කතා කිරීමේදී ප්‍ප්‍රධාන වශයෙන් දකිය හැකි වන්නේ මෙය ජන කවී සම්ප්‍රදායට අයත් වීමයි.එඅසේම බහුකෘත මූලාශ්‍රයක් නිසාත් පොදු ජනයාගේ රුචි අරුචිකම් විදහා දක්වන්නකි.එඅයට හොදම නිදසුන ලෙස මා දකින්නේ අග්බොයි හිමිගේ සීගිරි කවියයි.ඒ තුළ අතිශයෝක්තියයෙන් මිදුනා වූ වර්නනයන් ඇතුලත් ය.
සිගිරි ගී තුලට අවදානය යොමු කිරීමේදී සීගිරී ගී බොහෝමයක් ලියැවී ඇත්තේ බිතු සිත්වමේහී ඇති ස්ත්‍රී රූප වර්නනා කිරීමටය.නමුත් සීගිරි කවියාට වස්තු විශය වුයේ රූමත් කාන්තාවෝ පමනක් නොවේ සමහර කවියෝ සීගිරි පර්වතය ගැන ලියූහ ඇතැමෙක් එහි වූ සිංහ රූපය ගැන ලියූහ .
සීගිරි ගී දෙස බැලීමේදී ඔඅවුන් සිය ග්‍රහණයට හඩු වන්නා වූ ලක්ෂණ කාව්‍යකරනයට ලක්කොට ඇත.
No comments:
Post a Comment