රසවාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවනුයේ ක්‍රි .පු පලමුවන සියවසේ විසූ භරතමුනි පඩිවරයා ටය.ඔහු විසින් රචනා කරන ලද නාට්‍ය ශාස්ත්‍රය නැමැති කෘතියේ ඔස්සේ විචාරවාදය පිලිබද මූලික වශයෙන් ඉදිරිපත් කර ඇති අතර පසුකාලීනව පහල වූ විචාරකයන් විසින් මෙම විචාරවාදය තවත් එක් එක් ක්‍රමවේදයන් ඔස්සේ විචාරය කෙරිනි.භරතමුනි සිය නාට්‍ය ශාස්ත්‍රය කෘතියේ රස 8 ක් පිලිබද පෙන්වා දෙයි.ශුංගාර රසය,කරුනා රසය,භයානක රසය, රෞද රසය,වීර්‍ය රසය,අත්භූත රසය,භීබත්සය රසය ආදියයි.පසුව වෙනත් පඩිවරු මෙයට ශාන්ත රසය එක් කලෝය.
රසවාදය මුලින් යොදා ගැනුනේ නලු විචාරය කිරීම සදහාය.එහෙත් පසුව එය ඒවායේ නිර්මාණාත්මක කාර්‍යේදී අදාල කර ගැනීම සිදු විය.
පසු කලෙක සංස්කෘතික භාෂාවෙන් රචිත කෘති මේ රස එකක් හෝ කිහිපයක් ප්‍රකට කිරීමේ අරමුනින් නිර්මාණය කල බව පැහැදිලි ය.
ලාංකික සාහිත්‍යය කලාව තුලද නිර්මාණ සදහා මෙකී රසයන් භාවිතා කොට ඇත.නිදසුන් ලෙස රැපියල් තෙන්නකෝන්ග්ගේ කුකුලු හැවිල්ලයි.
මගෙ කුකුලා නැසූ එකා
දදය ඔබගෙ පාලු යකා
තව එක බුද දිනක් තක ඉන්නට ඉඩ නොදී මකා
බල හෙල්ල හෙලුව හෙල්ල
මුලැමැ බෙල්ල මරු තැනේ
මෙකී කාව්‍ය මගින් වීර රසය හා රෞද්‍ර රස ය ජනිත වන අයුරින් නිර්මාණය කර ඇත.
භාරතීය රසවාදයට අනුව නිර්මාණකරනය හෝ විචාරය දැන් බහුල නොවේ.මේ වන විට ඉන්දියාවේ පවා පුමුඛත්වය ගෙන ඇත්තේ බටහිර මතිමතාන්තර ය.ඊට හේතුව වන්නේ භාරතීය රසවාදය හුදෙක් සෞන්දර්ය පදනම් කර ගැනීම නිසාය.
No comments:
Post a Comment