රසාස්වාද

Monday, 4 April 2022

නූතනවාදී සාහිත්‍යය විචාරය

 නූතනවාදය වූ කලී දාර්ශනික ව්‍යාපාරයක් මෙන්ම කලා ව්‍යාපාරයක් ද වේ.19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ බටහිර සමාජයේ වර්ධනය වූවකි.නූතනවාදය බිහි වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ සංස්කෘත ප්‍රවනතා හා සමාජ ආර්ථික වෙනස්වීම්‍ ය.නූතන කාර්මීකරනයේ වර්ධනය හා නගරවල සීඝ්‍ර වර්ධනය ,නූතනවාදය හැඩගැස්වීමට දායක වූ සාධක අතර ප්‍රමුඛ ස්තානයක් ගනී.එසේම දාර්ශනික හා ඓතිහාසික වශයෙන් නූතනවාදය වර්ධනය වීමට ප්‍රධාන කරුනක් වූයේ පලමුවැනි ලෝක සංග්‍රාමය යි.

19 වන සියවස වන විට නූතනවාදීන් දුටු කරුණ වූයේ සාම්ප්‍රදායික කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය සාහිත්‍යය ආගමික ඇදහීම් දර්ශනය එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් හා විදයාවන් තවදුරටත් කාර්මීකරනය සමගින් ඉස්මතු වූ ලොකයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නුසුදුසු වන බවයි.එබැවින් නූතනවාදය සෑම විටම ආමන්ත්‍රණය කරන්නට වූයේ නැගී එන කාර්මික ලෝකයේ දලුලමින් තිබූ නව සමාජීය ආර්ථික දේශපාලන පරිසරයක් වෙතය.


අලංකාරවාදය

මුල්ම සංස්කෘත විචාරවාදය මෙයයි.අලංකාරවාදය පැරණි භාරතීය කවියට පමණක් නොව පැරණි සිංහල කවියටද විශාල බලපෑමක් කල විශිෂ්ට විචාර සිද්ධාන්තයකි.අලංකාරවාදයෙ නිර්මාතෘවරයා වන්නේ ක්‍රි.ව 07 වන සියවසේ කාව්‍යාලංකාර නැමැති කෘතිය රචනා කල බාමන නමැති පඩිවරයා වේ.ක්‍රි.ව. 08 වන සියවසේදී මෙම මතය ත්ව දුරටත් උත්බට පඩිවරයා  විසින් කාව්‍යාලංකාර සහර සංග්‍රහය නැමැති කෘතිය මගින් වර්ධනය කොට ඇත.මෙකී අලංකාර ප්‍රධාන කොටස් 02 කි.

                   01.ශබ්දාලංකාර

                   02.අර්ථාලංකාර

මේ ද්විත්වය තුළින් සහෘදයා තුළ චමත්කාරය ජනිත කරවීම අලංකරයයි.ශබ්ද මාධූර්‍ය එනම් ශබ්ද රසය නිපදවීම සදහා යොදා ගන්නා උපක්‍රම ශබ්දාලකංකාර ලෙස හැදින්වේ.එලිසමය,අනුප්‍රාසය,යමක,ලය,විරිත ආදී භාෂා උපක්‍රම මේ සදහා යොදා ගනී.උදාහරණ වශයෙන් එළිසමය යනු සිව් පදයක පාද හතරම එකම අකුරකින් අවසන් කිරීමයි.ඇතැම් සිව්පදවල මුල,මැද,අග යන තුන් තැනේදීම එළිසමය යොදා ගෙන ඇත.උදාහරණ ලෙස පරාක්‍රම කොඩිතුවක්කු රචකයාගේ මම වහිනවා කෘතියේ කවියක් බලමු.

වළලු නැතුව අත නිකම් තියෙනවා

වළලු  දෙකක් මට දියන්   කියනවා

අම්මා සෑම දින බලමු       කියනවා

වළලු නැතුව අත නිකම් තියෙනවා 

මෙහිදී ශබ්ද මාධූර්‍ය යොදා ගන්නේ එළිසමය තුලිනි.

කවියෙන් ප්‍රකාශ වන අර්ථ මතු කොට දැක්වීම සදහා යොදා ගන්නා භාෂා උපක්‍රම අර්ථාලංකාරයි.විශේෂයෙන් කවියේ අදහස එක එල්ලේ නොපවසා ඒ සදහා උපමා,රූපක,දීපක,අතිශයෝක්ති,ආදී භාෂා උපක්‍රම යොදා කාව්‍ය අලංකාර කිරීම මෙමගින් සිදු කෙරේ.උදාහරණ ලෙස පහත කවිය විමසා බලමු.මෙය ගුත්තිල කාව්‍ය තුල ඇති උපමා ඇති කාව්‍යකි.

වර වෙන නද අසමින් සිත සතොසිනි

සර හැර සියොතුන් පියපත් විදිමිනි

පුරඹර වසමින් සිටි රග කුම් වැනි

සුර සෙනගට සුර සුන් පැනවූ වැනි

මෙහි සුර සේනාවට දිව්‍ය ආසන පැනවූ වැනි යනු උපමාවයි.

කිසියම් කාව්‍ය කෘතියකින් චමත්කාරය ජනිත කරවීමට නම් එහි මුල ,මැද.,අග මැනවින් ශබ්දාලංකාර හා අර්ථාලංකර මැනවින් යොදා භාවිතා කර තිබීම වැදගත් ය.මේ නිසා පැරණි භාරතීය කවීන් මෙන්ම ලාංකික කවීන්ද මෙම අලංකාර ඔඅවුන්ගේ සාහිත්‍යය කෘති සදහා යොදා ගෙන ඇත.









Wednesday, 30 March 2022

අදුරෙන් එලියට

 









අදුරෙන් එලියට

ගෙපල ආලෝකමත් විය

විදුලිය දුටු දින

දැනුනා මට දිනුව බව ලොවම

කිසිදා නොදුටු ආලෝකය 

කුමන අරුමයක්ද මා දකින 

 කිසිදා නොපැතූ ආලොකය

 සතුටින් පිරී ඉතිරෙවුවා නිවස






රසවාදය

 රසවාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවනුයේ ක්‍රි .පු පලමුවන සියවසේ විසූ භරතමුනි පඩිවරයා ටය.ඔහු විසින් රචනා කරන ලද නාට්‍ය ශාස්ත්‍රය නැමැති කෘතියේ ඔස්සේ  විචාරවාදය පිලිබද මූලික වශයෙන් ඉදිරිපත් කර ඇති අතර පසුකාලීනව පහල වූ විචාරකයන් විසින් මෙම විචාරවාදය තවත් එක් එක් ක්‍රමවේදයන් ඔස්සේ විචාරය කෙරිනි.භරතමුනි සිය නාට්‍ය ශාස්ත්‍රය කෘතියේ රස 8 ක් පිලිබද පෙන්වා දෙයි.ශුංගාර රසය,කරුනා රසය,භයානක රසය, රෞද රසය,වීර්‍ය රසය,අත්භූත රසය,භීබත්සය රසය ආදියයි.පසුව වෙනත් පඩිවරු මෙයට ශාන්ත රසය එක් කලෝය.

රසවාදය මුලින් යොදා ගැනුනේ නලු විචාරය කිරීම සදහාය.එහෙත් පසුව එය ඒවායේ නිර්මාණාත්මක කාර්‍යේදී අදාල කර ගැනීම සිදු විය.

පසු කලෙක සංස්කෘතික භාෂාවෙන් රචිත කෘති මේ රස එකක් හෝ කිහිපයක් ප්‍රකට කිරීමේ අරමුනින් නිර්මාණය කල බව පැහැදිලි ය.

ලාංකික සාහිත්‍යය කලාව තුලද නිර්මාණ සදහා මෙකී රසයන් භාවිතා කොට ඇත.නිදසුන් ලෙස රැපියල් තෙන්නකෝන්ග්ගේ කුකුලු හැවිල්ලයි.

මගෙ කුකුලා නැසූ එකා 

දදය ඔබගෙ පාලු යකා 

තව එක බුද දිනක් තක ඉන්නට ඉඩ නොදී මකා

බල හෙල්ල හෙලුව හෙල්ල 

මුලැමැ බෙල්ල මරු තැනේ

මෙකී කාව්‍ය මගින් වීර රසය හා රෞද්‍ර රස ය ජනිත වන අයුරින් නිර්මාණය කර ඇත.

භාරතීය රසවාදයට අනුව නිර්මාණකරනය හෝ විචාරය දැන් බහුල නොවේ.මේ වන විට ඉන්දියාවේ පවා පුමුඛත්වය ගෙන ඇත්තේ බටහිර මතිමතාන්තර ය.ඊට හේතුව වන්නේ භාරතීය රසවාදය හුදෙක් සෞන්දර්ය පදනම් කර ගැනීම නිසාය.



සීගිරි ගී වල සාහිත්‍යයමය වැදගත්කම

 ලංකාවේ ඉතිහාසය ජනාවාසකරනය ඇරඹූ දා සිට ම සාහිත්‍යය කලාව පැවත එන අතර ලිඛිත සාක්ෂි අනුව මහින්දාගමනය සිවු වූ දා සිට අක්ශර කලාව ඇරඹීය.ඒ සමගම සාහිත්‍යය කලාව පිලිබදව අපට ලබා ගත හැකි ප්‍රබලම සාධකය වනුයේ කාශ්‍යප රජුගේ ආලකමන්දාව තුළින් හමුවන සීගිරි කුරුටු ගී වේ.සීගිරි ලලනාවන්ගේ ලාලිත්‍ය ශෘන්ගාරය මනාව අලංකාර සහිතව ලිහිල් බසින් ලියැවී ඇති සීගිරි ගී ශ්‍රී ලාංකික සාහිත්‍යය ඉතිහාසයේ සොදුරු ඇරඹූම ලෙස දැක්විය හැක.

සීගිරි ගී යනු සීගිරි බලකොටුව නැරඹීමටආ නොයෙක් ප්‍රදේශයවල ජනයා සීගිරි පර්වතයෙහි ඇති සුන්දරත්වය අවට පරිසරය සේ ම විශේෂ ලෙසම සීගිරී බිතු සිත්වමේහී ඇති සීගිරී ලලනාවන්ගේ රූපය දැකීමෙන් ඒ හරහා නිර්මාණය කළ කාව්‍ය ගී නිර්මාණයන්‍ක් ය.ක්‍රි.ව 8,9,10, යන සියවස්වල මෙම සීගිරිගී අයත් වේ.

සීගිරි ගී වල වැදගත්කම පිලිබද කතා කිරීමේදී ප්‍ප්‍රධාන වශයෙන් දකිය හැකි වන්නේ මෙය ජන කවී සම්ප්‍රදායට අයත් වීමයි.එඅසේම බහුකෘත මූලාශ්‍රයක් නිසාත් පොදු ජනයාගේ  රුචි අරුචිකම් විදහා  දක්වන්නකි.එඅයට හොදම නිදසුන ලෙස මා දකින්නේ අග්බොයි හිමිගේ සීගිරි කවියයි.ඒ තුළ  අතිශයෝක්තියයෙන් මිදුනා වූ වර්නනයන් ඇතුලත්‍ ය.

සිගිරි ගී තුලට අවදානය යොමු කිරීමේදී සීගිරී ගී බොහෝමයක් ලියැවී ඇත්තේ බිතු සිත්වමේහී ඇති ස්ත්‍රී රූප වර්නනා කිරීමටය.නමුත් සීගිරි කවියාට වස්තු විශය වුයේ රූමත් කාන්තාවෝ පමනක් නොවේ සමහර කවියෝ සීගිරි පර්වතය ගැන ලියූහ ඇතැමෙක් එහි වූ සිංහ රූපය ගැන ලියූහ .

සීගිරි ගී දෙස බැලීමේදී ඔඅවුන් සිය ග්‍රහණයට හඩු වන්නා වූ ලක්ෂණ කාව්‍යකරනයට ලක්කොට ඇත.

Thursday, 10 February 2022

බාලාපචාර හා කාන්තා අපචාර මෙරට තුළ වැඩිද?

තත්පරයෙන් තත්පරය කාලය ගෙවී යයි.දවසින් දවස සමාජය නවීකරණය  වෙයි.ආදරය,කරුණාව,විස්වාසය මුලු ගැන්වෙයි.තරගකාරීත්වය, ඊර්ෂ්‍යාව,කුහකකම,මෙන් ම අශීලාචාරකම ඉදිරියට එයි.දවසින් දවස අපරාධ වැඩි වෙයි.නුගුණ රජයන සමාජයක මිනිස්කම සැගවී ඇත.මම සොයමි.වැටි වැටී සොයමි.නමුත් සැගවී ගිය මනුස්සකමේ සේයාවක්වත් මට පෙනෙන්නට නැත.බාලාපචාර හා කාන්තා හිංසන නිරන්තරයෙන් වැඩි වීම අද තත්වය යි.

       ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි.ලොව සිනා සපිරි මිනිසුන් පිරි පාරාදීසය යි.ආගන්තුක සත්කාර පිරි පුංචි දූපතයි.නමුත් ශ්‍රී ලංකාව යන නම ඇසූ විට පවා නෙතට කදුලක් නැගෙන්නේ එහිද අපරාධ වැඩි වශයෙන් දලු ලා නැගීම නිසා ය.මගේ පුංචි දිවයිනට සිදුවූයේ කුමක්ද?.දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සිනා හඩ ඇසුනු රටේ දැන් ඇසෙන්නේ දුක් අදෝනාය.කුඩා කිරි කැටි දරුවන් ඉපදුනු මොහොතේ ම මරා දමයි.සැමියා විසින් බිරිද මරා දමයි.පියා දරුවා දූෂණය කරය.වර්තමානයේ මෙම ගැටලු බහුල ය.

  මෙසේ ලමා අපචාර වැඩි වීමට බොහෝ හේතු බලපා ඇත.ඒ අතරින් මා දකින්නේ මව්වරුන් දරුවන් කුඩා අවදියේදී විදේශ ගත වීම.ජංගම දුරකථන භාවිතා කිරීම,සම වයස් කණ්ඩායම් ඇසුර ,දෙමාපිය ආරක්ෂාව අවම වීම වැනි කරුණු ය.ලමා අපචාර පුවතක් දුටු විට පවා අනේ අපොයි නොව තව තවත් එය රස කර පැවසීමට වර්තමානයේ සමාජය යොමුව ඇත.

    කාන්තා හිංසනය දැන් ජනප්‍රිය පුවත් වී ඇත.කාන්තාව ආර්තික අතින් දුබල වීම,පුරුෂාධිපත්‍ය , කාන්තාව ශාරිරික අතින් දුබල වීම,යනාදිය කාන්තා හිංසන නිරන්තරයෙන් වැඩි වීමට හේතු වී ඇත.

Friday, 28 January 2022

සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා

 













අම්මේ ඔබෙ ආදරෙ මට මහ මෙරක්           තරම්

වින්දේ ඔබ මහ දුක්ගිනි හිමාලය                 තරම්

දුකක් දැනුනු විට හඩනවා මන් ඔබේ අත     බදන්

මට මතකයි ඔබත් ඇඩුවා දොර මුල්ල         බදන්


දස මසකුයි මවක් දරුවා දරා                සිටින්නේ

නැත අම්මේ එය නම් මම එකග    නොවෙන්නේ

ආත්මයෙන් ආත්මයට ඔබ පතනවා       වැන්නේ

සංසාරෙන් සංසාරෙට වරම්                 ලබන්නේ


මල්වර වූ දිනයේ මෙමා දුටුවා                 අම්මේ

නෙත් දෙක ඔබෙ දිලිසුනෙ පලිගු කදුලු        සේ

නෙතින් වැටෙන හැම කදුලක් පාසා        ඔබගේ

සතුටු කදුලු වේවා මන් පතනවා               අම්මේ


එකම පෙමයි අදටත් ලොව තුළ       බබළන්නේ

එකම නමයි අදටත් ලොව වැජඹී      තිබෙන්නේ

එකම කෙනයි දරුදුකකින් හද දෙකඩ කරන්නේ

මේ තරමට ආදරයක් කොහෙන්ද            අම්මේ









Wednesday, 26 January 2022

මඩෙහි උපන් නෙලුම

 













මඩ ගොහොරුවක උපන්නද 

වරම් ලද්දේ බුදු පුදට

මඩ බිමෙක කිලිටු දුගද බව 

කිසිදා ගෑවුනද නෙලුම් මල් පෙත්තක 

බුදු උපතට පවා පිපුනේ 

නොදන්නෙහිද නෙලුම් මල් සතක් බව

සුමුදු මල් පෙත්තක තිබෙන සුවය මිස 

කීවාද නෙලුමක උපත් කතාව

කෙසේ දුක්බර වුවත් ඇරඹුම

පිපියන් නෙලුමක් විලස







Monday, 24 January 2022

සමාජ මාධ්‍යජාල භාවිතය ලාංකික තරුණ සමාජයට කරන බලපෑම

රටක ජීවනාලිය වන්නේ තරුණ පරපුරයි.එකී තරුණ පරපුර ඔදවත් විය යුතුය . තෙදවත් විය යුතුය .එසේම හෙට රටේ සුක්කානම භාර දිය යුත්තේ ද එවන් තරුණ පරපුරකටය.නමුත් වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ ජාල භාවිතය ලාංකීය තරුණ සමාජය ගිලගෙන ඇත.එකී සමාජ ජාලා තුලින් ලාංකික තරුණ පරපුරට වන හානිය මෙන්ම යහපතද අද දක්නට ඇත.

තාරුණ්‍ය යන්නෙහි එක් අර්තයක් නම් බැබලීම යන්නයි.බැබලෙන තරුණ පරපුර රටටම සම්පතකි.ශ්‍රී ලංකාවේ 30 අවුරුදු යුද්ධයේදී වීර සොල්දාදුවන් ලෙස ක්‍රියා කරන ලද්දේ අපගේ තෙදවත් තරුණ කැලමය.නමුත් වර්තමානය වන විට එකී තරුණ පරපුර සමාජ ජාලා තුළම අතරමන් වී ඇත.ඉමෝ,වට්සැප්,මුහුනු පොත වැනි බොහො සමාජ ජාල මාධ්‍ය වර්තමානයේ බහුලය.එක් අතකින් මෙම මාධ්‍ය යහපත් ආකාරයට විපාක දෙන අතර ඇතැම් විට අයහපත් වේ.

සාමාජ ජාලා වෙබ් අඩවි නිසා ශ්‍රී ලංකාවේ බොහෝ තරුණ තරුනියන් අද දුරකථනයටම්ස් සීමා වී ඇත.අවුරුදු සමයේදී අවුරුදු උත්සව සංවිධානය කල,ක්‍රීඩා උත්සව සංවිධානය කල පිරිස් අද යොමුව ඇත්තේ මුහුනු පොත හරහා බීච් පාටී දැමීමටය.එසේම අවුරුදු 16,17 වැනි වයස් සීමාව වන විට බොහෝ තරුණ තරුණියෝ යොමුව සිටින්නේ අධ්‍යාපනය අත හැර විවිධ රැකියා වලට යාමය.එසේ වීමට හේතු වී ඇත්තේ සමාජ ජාලා හරහා තරුණ තරුණියන්ට වයසට නොගැළපෙන රැකියා අවස්තා හිමි කර දීමය.නමුත් ඒවා තාවකාලික ය.

නමුත් යහපත් බලපෑම් ද නැතුවාම නොවේ.වර්තමාන සමාජය තොරතුරු මූලික සමාජයකි.එසේ නම් තරුණ පරපුර රටේ සංවර්ධනයට අතහිත දීමට නම් සමාජ ජාල හරහා දැනුමෙන් සන්නද්ධ තාරුණ්‍යයක් අපට තිබිය යුතුය . එසේම වර්තමානයේ රට රටවල් අතර අන්තර් පුද්ගල සබදතා වර්ධනය වීමද බොහෝ සෙයින් බලපානු ලබන්නේ මෙම සමාජ ජාල මාධ්‍ය වේ.



කවිය හා ගීතය අතර වෙනස

 පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍...