සොහොනක තනි රැක්ක සුදු අරලිය මලකි ඇය
තව දුරටත් කුසුමා අම්මාගෙ දින පොත කියවිමට මට සිත් නොවීය.මගේ කඳුලු කැට කිහිපයක් ඇගේ දින පොතෙහි ලැඟුම් ගත්තේ ඇඟේ කතාවට මගේ සංවේදී බව සාක්ශි දරාගෙන ය.මමද ගැහැණියකි.ගැහැණු ළමයෙකුට තම මව අවශ්‍යම මොහොතෙ ඇයගේ වියෝව දරා ගන්නට බැරිම මොහොතේ ඈ මෙසේ මානසික ව්‍යාකූලත්වයට පත්වන්නට ඇත.මා දිනපොත පසෙක තබා හෙමින් පිය මැන්නේ මගෙ අම්මා වෙතට ය.තවදුරටත් ඈ වෙත අංශු මාත්‍රයකින්වත් නපුරු බැල්මක් නොහෙලන බවට මා අඳිටන් කර ගත්තේ ඇගේ උණුසුම් ලයෙහි පුංචි කුරුලු පැටවෙකු මෙන් තුරුලු වෙමිනි. එවැනි උණුහුමක් එවෙලෙහි හම්බුණා නම්......මගෙ හිත කකියා සිතුනි.කිසිඳු ගැහැණියකට දරා ගත නොහැකි මානසික පීඩනයක් ඇති නොවේවා! මෙය මගේ ඒකායන ප්‍රාර්ථනාවයි.
මා නැවතත් දිනපොතට තුරුල් වූයේ ඉන් සති කිහිපයකට පසුව ය.
සති දෙක තුළ ඈ දැරූ දුක් ගින්දර පියවීමට කවරෙක්වත් නොවීය. ඇගේ පියා මත්පැනට හුරු වී සිහිය විකල් කර ගත් ගමන් ය.සුනිත් පවා ඈ කෙරෙහි දැන් වැඩි හොයා බැලීමක් නැත.වෛද්‍යවරුන්ගෙ මාස 3 ක ප්‍රයත්නයෙන් ඈ දැන් ශාරීරික අතින් සුවපත් ය.මානසික අතින් තරමක් සුව සේ පෙනුණත් ඇගේ දුක දන්නෙ ඇය ය.කෙසේ වුවත් මවගේ වියෝවත් පියාගෙ නොසලකා හැරීමත් සරසවියේ නොයෙක් වද හිංසා මැදත් ඇයට නැවතත් උපාධිදාරිනියක් වීමට නොහැකි ය.ඈ එතැනින් ඇගේ සරසවි ගමන අත හැරියා ය.සුනිත්ගේත් ඒ හැටි කතා බහක් නැත.ඈ දැනගත් පරිදි ඔහුද වෙන සම්බන්දතාවයක පැටලී ය.
නිල්මිණි දැන් කාලය ගත කරන්නෙ සිය ලොකු අම්මා සමඟ ය. පොත් සාප්පුවක රැකියාවක නිරත වන ඈ ලොකු අම්මාට සුලු හෝ කරදරයක් කරන්නේ අසනීපයකට බෙහෙතක් ගන්නට යාමට පමණි.
මගෙ දෙනෙත් එක වර යොමු වූයේ දින පොත් අතර තිබී ඒ අසල වැටී තිබූ කඩදාසියක් වෙතට ය.ඒ ලිපියකි.
ආදර සුනිත්,
ඔබ සිහිය විකල් වූවායැයි සිතා අතහැර දැමූ මම මේ ලියුම ලියන්නේ හොඳම සිහියෙන් කියලා මම මුලින්ම ඔයාට කියනවා.තව දුරටත් සිහිය විකල් වූ කෙල්ලෙක්ගේ ලියුමක් මේ කියවන්නෙ කියලා ඔයාට නොදැනෙන්න කියලාත් මන් ප්‍රාර්ථනා කරනවා.මම හොඳින් ඉන්නවා කියලා කියන්න තරම් මම සතුටකින් මගේ ජීවිතය ගෙනියන්නෙ නෑ. මට මගේ කියන හැමදේම නැති උනත් මට මගේ ජිවිතය ඉතුරු වෙලා තියෙනවා.කිසිදු අඩුවක් නොදැනෙන්න ආදරේ කලත් මන් දකින්නෙ නැති මොකක් හරි අඩුවක් ඔයාට පේන්න ඇති.හැමෝගෙන්ම ඈත් වෙලා තනියෙන් ඉන්න හිතුවත් තාමත් මගේ හිත ඒකට සූදානම් නෑ.කලු ලෝගුවට හැඩට ඉන්න තිබුණු මට කොහෙන්දෝ ආපු පවක් නිසා ඒක ඊලඟ ආත්මෙට පරක්කු කරන්න මට වෙලා.මාල හතක් දාලා හැඩට හිනා වෙන්න හිටපු මට අද ඒ හැමදේම හීනයක් වෙලා.කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් මන් දැන් අසරණයි.මොනා වුණත් ඔයාගේ ජීවිතේට මන් සුබ ප්‍රාර්ථනා කරනවා.ලස්සන ජිවිතයක් ඔයාට ලැබෙන්නම ඕනි.තෙරුවන් සරණයි.
මම නිල්මිණි