මා නමින් සේයා වෙමි.සබරගමුව විශ්ව විද්‍යාලයෙන් සිංහල විශේෂ උපාධිය ලබා ගුරු වෘත්තියට කුලුඳුල් වූ ගුරුවරියකි.කෙතරම් රැකියා අවස්තා තිබුණත් කුඩා කල පටන් මගේ හිත දැඟලුවේ සාරි අඳින රස්සාවකටය.නමුත් ගුරුවරයෙක් වීම සාරි අඳින රස්සාවකට වඩා බෑරෑරුම් හරි සුන්දර දෙයක් බව මට වැටහුණේ දරුවන්ගේ හිත් සමඟ පොර බඳින්නට පටන් ගත් දා සිටන් ය. කුඩා කල පටන් තිබෙන දීමේ පුරුද්ද නිසාම අතට ලැබෙන සොච්චම් පඩියෙන් කොටසක් කාගේ හෝ බඩ ගින්දරක් නිවීමට හෝ අසරණ කෙනෙකුට ලබා දීම මගේ සතුටට හේතු විය.අගෝස්තු මාසයේ පඩියෙන් රුපියල් දසදහසක් ගත් මගේ අරමුණ වූයේ අපේ ගමට යාබදව ඇති වැඩිහිටි නිවාසයට බඩු ටිකක් අරන් දීම ය.රුපියල් දසදහසකින් මේ කාලෙ ගන්නට හැකි වන්නේ ඉතා කුඩා බඩු ප්‍රමාණයකි.රටේ පාලකයන්ගේ අපූරු කෙරුවාවට පින් සිද්ධ වන්නට රටේ මිනිස්සු හාල් පරිප්පු චුට්ටක් ඇරෙන්නට වෙන අනවශ්‍ය කිසිදු දෙයක් නොගන්නට පුරුදු වී ඇති බව මට වැටහුණේ ෆුඩ් සිටි එකෙන් හරි හරියට එලියට එන මිනිසුන්ගේ බඩු මලු දැකීමෙනි.අතේ තියෙන ගානට බඩු තෝරා ගැනීමට පහසු නිසාම එහි මහ සෙනඟකි.කෙසේ හෝ මගෙ කෙට්ටු ශරීරයට පින් සිද්ද වන්නට අස්සෙන් අස්සෙන් රින්ගා ගත් මා හාල් පහේ ටිකක් අරන් එලියට ආවේ ඇඟේ රෙදි ගැලවි නොගැලවී බේරා ගැනීමෙනි."ආහාර අර්බුදයක්ද අප්පා.." මගේ කටකාර කටට එක පාරට එවැන්නක් ආවත් එය සිනා වීමට කරුණක් නොවන බව මතක් වූයේ දැන් ලංකාවේ තත්වය නිසාම ය.කරෙන් කටෙන් එල්ලාගත් බඩුවලට වැඩි වෙහෙසක් වූයේ හාල් උර දෙකය. කෙසේ හෝ ත්‍රීවිලයකට බඩු ටික දමාගත් මා වැඩිහිටි නිවාසයට ගියේ සතුටත් ගමන් මහන්සියත් සම්මිශ්‍රිත හැඟීමෙනි.
මල් වවා නිදහස් පරිසරයක් තිබූ එහි ගහක් යට බංකුවක මන් ඉඳගත්තේ ඇත්තෙන්ම තිබූ ගතෙහි වෙහෙසට ය.කල්පනා ලෝකයකට පිවිසි මා ගැස්සී පියවි සිහියට ආවේ මෘදු ගැහැණු කටහඬකිනි.
"මේ නෝනා කාව හරි හම්බෙන්නද ..."
"ආ... ඔව්නේ අම්මේ මට මේ"
මගේ පිළිතුරේ අඟ මුල ගලපන්නට පෙර ඇඟේ දෙනෙත බොර විය.
"අනේ ඇයි මේ අම්මේ.."
"නැ නෝනේ.. ලොකු මිස් හම්බෙන්න මන් හිතන්නේ.. මන් නෝනෙව ලොකුමිස් ගාවට එක්කන් යන්නම්කො.කෝ දෙන්න ඔය බඩු මල්ලක් ..."
මගේ වෙහෙස මුසු මුහුණ දුටු ඇය මට බඩු ටික නිවාසයට ලබා වීමට උපකාර කළාය.
ඇය මගේ අම්මගේ වයසැති මැදි වීයේ ගැහැණියකි.සැබවින්ම දරුවෙකු මෙය කිව යුත්තක් නොවුණත් නිතර මගේ තාත්තා සමඟ රණ්ඩු කරන මගේ අම්මාට වඩා හික්මුණු සන්සුන් ගැහැණියකි. නිවසේ දෙමව්පියන්ගේ රණ්ඩූ සරුවල් අස්සේ හිත අපායක් කරගත් මගේ හිත ඇදුනේම ඇයගේ සන්සුන් කතා බහටය.එම නිසාම වැඩිහිටි නිවාසයට නිතර යාම මගෙ පුරුද්ද විය.
ඇගේ නම කුසුමා ය.තරමක් වයසට පැමිණියත් ඇගේ හිසකෙස් දෙකක් තුනක් සුදු ඇරෙන්නට අනෙක්වා කලු පැහැතිය.දිගු කෙස් වැටියත් , පිරිපුන් වූ තොල් යුගලත් , පැහැපත් වූ සිරුරත් ඇඟේ තරුණ වියේ මීට වඩා ලස්සනක් ගෙන දෙන්නක් වූවා නොඅනුමානය .නමුත් ඇඟේ විස්තර අහන හැම මොහොතේම ඇඟේ දෙනෙත් බොර වීමත් ,දිගු සුසුමත්,මට ඇඟේ සැගවුණු ජීවිත කතන්දරය දැනගැනීමේ කුතුහලය වැඩි කලේය.නමුත් කෙනෙකුගේ පෞද්ගලික දේ අකමැත්තෙන් හාරා ඇවිස්සීම තරමක් නරක පුරුද්ද්දක් වූවෙන් ඇය සුසුම් හෙලන හැම මොහොතකම ඇයව හිනා ගැස්වීම මගේ දඟකාර වචනවලට හැකි විය.
ඉතින් ඇය කවුද? ඇයත් සොහොනක තනි මකන සුදු අරලිය මලක් ද ? මුනගැසෙමු නැවතත්
පිපෙන්නට බලාපොරොත්තුවක් නැවත සුමුදු මල් පෙත්තකින්.......