පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍රිපුද්ගල කලා මාධ්‍යයෙන් තුනෙන් පංගුවකි. එහි ස්වාමිත්වය ගේය කාව්‍ය රචක, තනු ගායක යන තිදෙනාට ම ය. ග්රීකයක සමස්ත සාර්ථකත්වය මේ ත්රිපුද්ගලයන් මත රදා පවතී.
පද්‍ය කාව්‍යය, භාවේන්ද්රිය හා බුද්ධින්ද්රිය සඳහා වූ කලාවකි. ශේය කාව්‍යය, ශ්‍රවණේන්ද්‍රිය පළමුව ද භාවේන්ද්රිය හා බුද්ධීන්ද්‍රිය දෙවනු වේ ද සලකා බැලෙන කලා මාධ්‍යයකි. එබැවින් පද්‍ය කාව්‍යය නිහඬ ව කියවා විඳ ගන්නා කලාවකි. ගේය කාව්‍යය අසා රස විදින කලාවකි. පද්‍ය කාව්‍යය මනෝ ගෝචර ය. ගේය කාව්‍යය ශ්‍රව්‍ය ගෝචරය.
ශ්රවනේන්ද්රිය මුල් කර ගත් කලාවන් බැවින් ගේය කාව්‍යයේ ප්‍රමුඛස්ථානය හිමි වන්නේ ශබ්ද ධ්වනියට ය. පද්‍ය කාව්‍යයෙහි ප්‍රමුඛස්ථානය හිමි වන්නේ අර්ථ ධ්වනියට ය. එළිසමය, අනුප්රාස, යමක ආදි ශ්රැති රම්‍ය ශබ්දාලංකාර පමණක් නොව පද්‍ය කාව්‍යයෙහි දී දූෂණයක් ලෙස සලකන පුනරුක්තිය ද ගේය කාව්‍යයෙහි දී භූෂණයකි.