රසාස්වාද

Wednesday, 22 February 2023

ඇය ❤️

 ඇය

නොමැත අවසර යන්න ඇය හට 

බො මලුවෙ රන් වැට තුලින් 

කිලි යන නාමයයි ලැබුනේ 

මව් පදවි ගැන නොතකමින් 

උතුම් දළදා සමිදු අබියස 

පත්තිරිප්පුව යන නමින් 

ඈත සිට ඇය වැදුම් කෙරුවේ 

යන්න අවසර නැති හෙයින් 

දසමසක් කුස දරාගෙන ඔබ

වින්දා නොයෙකුත් දුක් කඳක්

පෙළපතේ නාමය පියාගෙන්

මවට නැහැ එහි ඉඩකඩක්

මසෙන් මසකට උතුනි රිදුමන්

උතුම් මවකට එය සලකුණක්

කිලි යන්නක් කෙසේ ලැබුණද

දන්නෙ නැහැ මන් එහි ඇරඹුමක්

උගත් අය ලෙස උදම් අනනා 

බොහෝ අයගෙන් අසමි මන් 

හේමමාලා උතුනි නොවුනිද 

දාතු වඩින විට හිස මතින් 


කවිය හා ගීතය අතර වෙනස

 පද්‍ය කාව්‍යය ඒක පුද්ගල කලා මාධ්‍යයකි. එහි පරම හිමිකරු කවියා ය. කවියෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කවියා සතු ය. ගේය කාව්‍යය, ගිතය නම් වූ ත්‍...